Diploma Courses
May 20, 2026 2026-09-03 3:48Diploma Courses
Co-operative Development
සාමාන්‍ය නීතිය හා සමුපකාර නීතිය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව
ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක පොදු නීතිය මෙන්ම සමුපකාර නීති හා රෙගුලාසි පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදීම සහ සමුපකාර සමිති නිසි ලෙස සංවිධානය කිරීමට හා කළමනාකරණය කිරීමට අවශ්‍ය නීතිමය දැනුම හා කුසලතා වෘත්තිකයන්ට ලබාදීම.
ලේකම් පරිචය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
සමුපකාර සමිතියේ ලේකම්වරයකුට තම නිත්‍ය රාජකාරී කටයුතු පිළිබඳ මනාලෙස න්‍යායාත්මක හා ප‍්‍රායෝගික අවබෝධයක් ලබාදීම සහ සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය හා කාර්යමණ්ඩලය අතර මනා අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ ශිල්පක‍්‍රම සම්බන්ධයෙන් දැනුමෙන් සන්නද්ධ කිරීම.
සමුපකාර සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
සණස සමිති හා කුඩා පරිමාණ සමුපකාර සමිති නිර්මාණයල සංවර්ධන හා අධික්ෂණය සඳහා සමුපකාර සංවර්ධන නිළධාරින්ට අවශ්‍ය සමුපකාර දර්ශනය හා ව්‍යවහාරය සමුපකාර ක‍්‍රමය හා භාවිතයලකළමනාකරණය, නීතිය, ගිණුම්කරණය, විගණනය හා තොරතුරු තාක්ෂණ භාවිතය පිළිබඳ දැනුමල කුසලතා හා ආකල්පවලින් සන්නද්ධ කිරීම.
Banking & Finance
බදුකරණය ඩිප්ලෝමා පාඨමාලාව
ශ‍්‍රී ලංකාවේ බදු නීති සහ රෙගුලාසි පිළිබඳ පුළුල් හා සවිස්තරාත්මක දැනුමක් වෘත්තිකයන්ට ලබා දීම මගින් විවිධ ආදායම් වර්ග (රැකියා, ආයෝජන, ව්‍යාපාර), සමාගම් බදුකරණය, අගය එකතු කළ බද්ද (VAT) සහ ජාත්‍යන්තර බදුකරණය පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කෙරේ. තවද, බදු පරිපාලන ක‍්‍රමවේද, බදු සැලසුම්කරණය (Tax Planning) සහ අදාළ බදු සම්බන්ධ නීතිය පිළිබඳ ප‍්‍රායෝගික අවබෝධයක් ලබා දීම තුළින් ආයතනවල බදු අනුකූලතාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම.
බැංකු කළමනාකරණ ඩිප්ලෝමාව
සමුපකාර ග‍්‍රාමීය බැංකු ඇතුළු මුල්‍ය හා බැංකු ක්ෂේත‍්‍රයේ කාර්යක්ෂම කළමනාකරණය සඳහා අවශ්‍ය පුළුල් න්‍යායාත්මක හා ප‍්‍රායෝගික දැනුම සහ කුසලතා වෘත්තිකයන්ට ලබාදීම තුළින් කළමනාකරණ න්‍යායන්, මූල්‍ය හා බැංකු ක‍්‍රම, තොරතුරු තාක්ෂණය යෙදවීම සහ ක්ෂුද්‍රමූල්‍යකරණය පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කෙරේ. එමගින් සහභාගිවන්නන්ගේ වෘත්තීය කළමනාකරණ කුසලතා, සේවා අලෙවිකරණ හැකියාවන් සහ නීතිමය රාමුව පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීමට හැකිවේ.
ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව
සමුපකාර ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය ගිණුම්කරණය, මූල්‍ය කළමනාකරණය සහ විගණනය පිළිබඳ පුළුල් හා ගැඹුරු දැනුමක් වෘත්තිකයන්ට ලබා දීම හා මූල්‍ය හා කළමනාකරණ ගිණුම්කරණයේ මූලධර්ම, ගිණුම්කරණ ප‍්‍රමිති සහ සමුපකාර නීතිය පිළිබඳ අවබෝධය තුළින් සමිතිවල මූල්‍ය කටයුතු නිවැරදිව වාර්තා කිරීමට, විශ්ලේෂණය කිරීමට සහ උපායමාර්ගික තීරණ ගැනීමට අවශ්‍ය කුසලතා සංවර්ධනය කිරීමට හැකිවේ.
ක්ෂුද්‍රමූල්‍යකරණ පිළිබද ඩිප්ලෝමාව
තිරසර පැවැත්මකින් යුතු ග‍්‍රාමීය ක්ෂ‍්‍රද්‍රමුල්‍ය ආයතනයක් මනා ලෙස කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා, ආකල්ප පුහුණුලාභීන්ට ලබා දීම සහ ග‍්‍රාමීය මුල්‍ය අවශ්‍යතාවයන් අඩු පිරිවැයකට ලබාදීම සදහා ක‍්‍රමෝපායන් සමිබන්ධ න්‍යායාත්මක හා ප‍්‍රායෝගික අවබෝධය ලබාදී මුල්‍ය වාර්තා විශ්ලේෂණය තුළින් ඵලදායී ආයතනික තීරණ ගැනීම හරහා ග‍්‍රාමිය ක්ෂ‍්‍රද්‍රමුල්‍ය ආයතනයක් සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික මුලාශ‍්‍ර පිළිබඳව අවබෝධයක් ලබා දීම.
Audit & Management
අලෙවි කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව
අලෙවි කළමනාකරණය ප‍්‍රධාන කරගත් හා ඊට අදාල අනෙකුත් උපකාරක විෂයයන් පිළිබද දැනුම හා අවබෝධය වර්ධනය කිරීම තුළින් වෘත්තීය අලෙවිකරුවෙකු සතුවිය යුතු වෘත්තීය කුසලතාවය හා නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීම ද අලෙවිකරණය හා කළමනාකරණ විෂය ක්ෂේත‍්‍රයේ ඉදිරි අධයාපන කටයුතු කරගැනීම සදහා ශක්තිමත් පදනමක් සැපයීම. නවීන අලෙවිකරණ උපායමාර්ග හදුනා ගැනීම සහ එම අලෙවිකරණ උපායමාර්ග ප‍්‍රයෝගිකව භාවිතයට ගැනීම. තරගකාරී ව්‍යාපාරික පරිසරය තුල සාමාජික ප‍්‍රවර්ධනය කරගනිමින් සමුපකාර අලෙවිකරණය සිදු කිරීම. කා©මණ්ඩල නිලධාරීන්ගේ කාර්යසාධනය වැඩිදියුණු කිරීම හා උසස්වීම් සදහා සුදුසුකමක් සැපයීම.
විගණනය පිළිබඳ ඩිප්ලෝමාව
ව්‍යාපාර යහපාලනය අගය කරන ප‍්‍රධාන නිර්ණායකයක් ලෙස විගණනයේ අවශ්‍යතාවය හා වැදගත්කම පිළිබඳ පුහුණුලාභීන්ට න්‍යායාත්මක හා ප‍්‍රායෝගික අවබෝධයක් ලබාදීම සහ මුල්‍ය ප‍්‍රකාශන විගණනය සඳහා විගණකවරයෙකුට අවශ්‍ය පරිචය පුහුණුලාභීන්ට ලබාදීමටත්, ශ‍්‍රි ලංකා විගණන ප‍්‍රමිතීන්ට අනුකූලව සමුපකාර සංවිධානවල විගණන ක‍්‍රියාපටිපාටිය ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ අවබෝධයක් පුහුණුලාභීන්ට ලබාදීම
මානව සම්පත් කළමනාකරණ පිළිබඳ ඩිප්ලෝමාව
මානව සම්පත් කළමනාකරණය පිළිබඳ දැනුම සහ අවබෝධය වර්ධනය කිරීම උදෙසා සමුපකාර මානව සම්පතට අදාළ අභියෝගවලට මුහුණ දීම සඳහා කළමනාකරුවෙකු විසින් අත්පත් කර ගත යුතු නිර්මාණශීලිත්වය සහ වෘත්තීය කුසලතා වර්ධනය කිරීම සදහා කාර්ය මණ්ඩලයේ කාර්ය සාධනය වර්ධනය කිරීම සහ උසස්වීම් සඳහා සුදුසුකමක් ලබා දීම සමග වෘත්තීය රාජකාරි සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ අනාගත අධ්‍යයන කටයුතුවල සාර්ථකත්වය සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමට සිසුන්ට සහාය වීම.
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව
ජාතික සමුපකාර සංවර්ධන ආයතනය විසින් සමුපකාර ක්ෂේත්‍්‍රයේ සේවය කරන නිළධාරින්ගේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ දැනුම,කුසලතා ආකල්ප හා පරිචයන් සංවර්ධනය කිරිම අරමුණු කරගනිමින් වාර්ෂිකව මෙම ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව සංවිධානය කෙරේ
ශ‍්‍රී ලංකාවේ සිංහල මාධ්‍යයෙන් ක‍්‍රියාත්මක වන විවිධ සේවා සමුපකාර සමිති, ග‍්‍රාමීය බැංකු සමිති, සණස සමිති,නිෂ්පාදන හා සේවා සමිති ආදී සියළු ක්ෂේත‍්‍රවල ප‍්‍රාථමික, ද්විතික හා ජාතික මට්ටමේ සමුපකාර සමිති හා සංවිධානවලට විධායක නිලධාරෟන් වෙනුවෙන් විශේෂයෙන් මෙම ඩිප්ලෝමා පාඨමාලාව යෝග්‍ය කර ඇත.
Information & Digital Technology
Diploma in Information & Communication Technology (NVQ Level 5)
The primary objective of this Diploma in Information and Communication Technology is to equip students with the essential theoretical knowledge and advanced practical skills required to function as a competent ICT professional in a dynamic work environment
Languages
Advanced Diploma in English for Professionals (ADEP)
Many professionals have acquired a certain standard of language proficiency over the years, but they often lack the advanced skills required to function effectively in higher-level professional environments.
The Advanced Diploma in English for Professionals (ADEP) is designed to address this need by enhancing participants’ overall language competencies. It is a highly structured modular program that develops both oral and written communication skills, enabling professionals to perform confidently in academic and workplace settings.
Diploma in English for Professionals (DEP)
The Diploma in English for Professionals (DEP) is designed for staff-grade officers who wish to strengthen their English language proficiency for workplace communication. The programme combines speaking, listening, reading, and writing skills with professional communication practices such as business correspondence, report writing, presentations, negotiations, and meeting management. Through a structured 30-week curriculum, participants develop the confidence and competence required to perform effectively in modern professional environments.