Short Term Courses
May 20, 2026 2026-09-03 3:47Short Term Courses
Co-operative Development
මුදුන් මට්ටමේ සංගම් සදහා අධ්‍යක්ෂ මණ්ඩල පුහුණු වැඩමුළුව
සමුපකාර සංවිධාන කළමනාකරණය සඳහා උපායමාර්ගික ප‍්‍රවේශය පිලිබඳ පුහුණු වැඩසටහන
මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ සමුපකාර සංවිධානවල ඵලදායී ක්‍රියාකාරිත්වය සඳහා අදාළ උපායමාර්ගික කළමනාකරණ සංකල්ප පිළිබඳ සහභාගිවන්නන්ගේ අවබෝධය වර්ධනය කිරීමයි. වැඩසටහන මඟින් සමුපකාර සංවිධානවල තිරසාරභාවය සහ තරඟකාරිත්වය ප්‍රවර්ධනය කරන උපායමාර්ග හඳුනා ගැනීම, ගොඩනැගීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කළමනාකරණ කුසලතා සංවර්ධනය කිරීමට අවධානය යොමු කරයි. එමඟින් සමුපකාර ක්ෂේත්‍රයේ දිගුකාලීන වර්ධනය සහ කාර්යක්ෂම පාලනය සඳහා අවශ්‍ය ප්‍රායෝගික හා උපායමාර්ගික හැකියාවන් ශක්තිමත් කරයි.
පාසල් සමුපකාර සමිති පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන
මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ වන්නේ පාසල් මට්ටමේ සිටම සමුපකාර ව්‍යාපාරය පිළිබඳව සිසුන් සහ ගුරුභවතුන් දැනුවත් කිරීම සහ අනාගත නායකයින් හා ව්‍යවසායකයින් ලෙස ඔවුන් ගොඩනැංවීමයි.
ලෝක සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය හා ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම මෙන්ම, පාසල් සමුපකාර සමිති පිහිටුවා ගැනීමේ සහ පවත්වාගෙන යාමේ ක‍්‍රමවේදයන් පිළිබඳ ප‍්‍රායෝගික මඟ පෙන්වීමක් ලබා දීම.
සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන
සමුපකාර සංවර්ධන නිලධාරි (පළමු ශ්‍රේණිය) පුහුණු වැඩසටහන
මෙම පුහුණු වැඩසටහනේ මූලික අරමුණ වන්නේ සමුපකාර සංවර්ධන නිලධාරීන්ගේ (පළමු ශ්‍රේණිය) කළමනාකරණ සහ අධීක්ෂණ කුසලතා ධාරිතාව වර්ධනය කිරීමයි. වැඩසටහන මඟින් සමුපකාර සමිතිවල ව්‍යාපෘති කළමනාකරණය, ශක්‍යතා අධ්‍යයන විශ්ලේෂණය සහ විගණන වාර්තා සමාලෝචනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික නිපුණතා ශක්තිමත් කිරීමට අවධානය යොමු කරයි. එසේම, නීතිමය වශයෙන් අත්‍යවශ්‍ය වන විභාග, පරීක්ෂණ හා විමර්ශන ක්‍රියාවලීන් සහ දණ්ඩන නියෝග ලබාදීම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දීම තුළින් සමුපකාර නියාමන ක්‍රියාවලිය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමට මෙම වැඩසටහන දායක වේ. මෙමඟින් නිලධාරීන්ගේ වෘත්තීය හැකියාවන් සහ ප්‍රායෝගික තීරණ ගැනීමේ නිපුණතා තවදුරටත් සංවර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසෙයි.
දිස්ත‍්‍රික් සමුපකාර සංවර්ධන නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන
මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන නිලධාරීන්ගේ නායකත්ව හැකියාවන් සහ වෘත්තීය කළමනාකරණ කුසලතා වර්ධනය කිරීමයි. වැඩසටහන මඟින් සමුපකාර සමිති ඵලදායීව නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය මෘදු කුසලතා (Soft Skills), වාර්තා විශ්ලේෂණ හැකියාවන් සහ නිවැරදි තීරණ ගැනීමේ නිපුණතා ශක්තිමත් කිරීමට අවධානය යොමු කරයි. එමඟින් නිලධාරීන්ට වඩාත් කාර්යක්ෂම, වගකීමෙන් යුතු සහ ප්‍රතිඵලදායී සේවාදායකත්වයක් ඉටු කිරීමට අවශ්‍ය දැනුම හා ප්‍රායෝගික හැකියාවන් සංවර්ධනය කර ගැනීමට මෙම වැඩසටහන සහාය වේ.
තීරක විභාග පැවැත්වීම පිළිබඳ වැඩමුළුව
මෙම වැඩමුළුව සමුපකාර සමිතිවල තීරක විභාගයන් පැවැත්වීම සහ ප්‍රදානයන් ලබාදීමේදී අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාපටිපාටි පිළිබඳ මූලික දැනුම හා ප්‍රායෝගික අවබෝධය සහභාගිවන්නන්ට ලබා දීම අරමුණු කරයි. වැඩසටහන මඟින් අදාළ නීති, රෙගුලාසි සහ විධිවිධාන පිළිබඳ අවබෝධය වර්ධනය කරමින්, සාධාරණ, පාරදෘශ්‍ය සහ විධිමත් ආකාරයෙන් තීරක කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය හැකියාවන් සංවර්ධනය කිරීමට සහාය වේ. එමඟින් සමුපකාර සමිතිවල නීතිමය ක්‍රියාදාමයන් කාර්යක්ෂමව හා වගකීමෙන් යුතුව පවත්වාගෙන යාමට අවශ්‍ය නිපුණතා ගොඩනැගීමටද මෙම වැඩමුළුව දායක වේ.
සමුපකාර සමිති කාරකසභා / අධ්‍යක්ෂ මණ්ඩල කාර්යභාරය හා වගකීම් දෙවන වැඩසටහන
මෙම වැඩමුළුව සමුපකාර සමිතියක කාරකසභා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යයන්, බලතල සහ යුතුකම් පිළිබඳ සහභාගිවන්නන්ගේ දැනුම හා අවබෝධය වර්ධනය කිරීම අරමුණු කරගෙන සැලසුම් කර ඇත. වැඩසටහන මඟින් සමුපකාර පාලන ක්‍රමවේද, නීතිමය වගකීම්, තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සහ වගකීමෙන් යුතු නායකත්වයේ වැදගත්කම පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක අවබෝධයක් ලබා දේ. එමඟින් සමුපකාර සමිතියක කාර්යක්ෂම, පාරදෘශ්‍ය සහ සාමාජික හිතකාමී පාලනයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිපුණතා සංවර්ධනය කිරීමට සහාය වේ.
සමුපකාර සමිති අධ්‍යක්ෂ මණ්ඩල, කාරකසභා මූලික දැනුවත් කිරීමේ පුහුණුව
මෙම වැඩසටහන සමුපකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල කටයුතු විධිමත්ව, වගකීමෙන් යුතු සහ කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූලික දැනුම සහ ප්‍රායෝගික අවබෝධය සහභාගිවන්නන්ට ලබා දීම අරමුණු කරයි. එමඟින් අධ්‍යක්ෂ මණ්ඩලයේ භූමිකාව, වගකීම්, තීරණ ගැනීමේ ක්‍රියාවලිය, පාලන ක්‍රමවේද සහ සමුපකාර නීති හා රෙගුලාසි පිළිබඳ අවබෝධය වර්ධනය කරමින් සමුපකාර පාලනය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය හැකියාවන් සංවර්ධනය කරයි.
ප‍්‍රායෝගික අලෙවිකරණ සැලැසුම් සකස් කිරීමේ පුහුණුව
මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ සමුපකාර ව්‍යාපාරයන්ගේ සාමාජික අවශ්‍යතා සහ ව්‍යාපාරික ඉලක්ක මූලික කරගනිමින් ඵලදායී හා ප්‍රායෝගික අලෙවිකරණ සැලසුම් සකස් කිරීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම හා කුසලතා සහභාගිවන්නන්ට ලබා දීමයි. තවද, වර්තමාන වෙළඳපල තරඟකාරීත්වය හමුවේ සමුපකාර ව්‍යාපාරයන්ට තම භාණ්ඩ හා සේවාවන් නිවැරදිව ස්ථානගත කිරීම, සාමාජික තෘප්තිය ඉහළ නැංවීම සහ ලාභදායීත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබා දේ. මෙම වැඩසටහන මඟින් සමුපකාර මූලධර්ම සහ සාමාජික සම්බන්ධතා අලෙවිකරණ උපායමාර්ග සමඟ ඒකාබද්ධ කර ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක්ද වර්ධනය කරයි.
සමුපකාර සමිතිවල සේවක විනය කළමනාකරණය වැඩමුළුව
මෙම වැඩමුළුව සමුපකාර සංවිධාන තුළ සේවක විනය කළමනාකරණය පිළිබඳ සහභාගිවන්නන්ගේ දැනුම, අවබෝධය සහ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම අරමුණු කරගෙන සැලසුම් කර ඇත. වැඩසටහන මඟින් සේවක විනය සම්බන්ධ මූලධර්ම, එහි වැදගත්කම සහ අදාළ නෛතික රාමුව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන අතර, සමුපකාර වටිනාකම් සහ කම්කරු රෙගුලාසිවලට අනුකූලව සාධාරණ හා ඵලදායී විනය ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය හැකියාවන් වර්ධනය කරයි. එසේම, විනය ගැටළු නිසි ආකාරයෙන් හැසිරවීම, සේවක සබඳතා පවත්වා ගැනීම සහ සමුපකාර සමිති තුළ වගකීමෙන් යුතු කළමනාකරණ සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අවශ්‍ය කළමනාකරණ නිපුණතා සංවර්ධනය කිරීමට මෙම වැඩමුළුව සහාය වේ.
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන
මෙම වැඩසටහන සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන්ගේ වෘත්තීය භූමිකාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සැලසුම් කර ඇත. ඒ තුළින් සමුපකාර ක්ෂේත්‍රයේ ප්‍රතිපත්තිමය හා පරිපාලනමය වගකීම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන අතර, නායකත්වය, ඵලදායී තීරණ ගැනීම සහ කාර්යක්ෂම කළමනාකරණ හැකියාවන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය දැනුම හා කුසලතා සංවර්ධනය කිරීමට අවස්ථාව සලසයි. මෙම වැඩසටහන මඟින් ප්‍රායෝගික අත්දැකීම් හා නවීන කළමනාකරණ ප්‍රවේශයන් හරහා වගකීමෙන් යුතු සහ කාර්යක්ෂම සේවාදායකත්වයක් ගොඩනැගීම අරමුණු කරයි.
Banking & Finance
ගිණුම්කරණ ප‍්‍රමිත පිලිබඳ පුහුණු වැඩසටහන
සමුපකාර සංවර්ධන නිලධාරීන්ට ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප‍්‍රමිතීන්ට (SLFRS/LKAS) අනුව සමුපකාර සමිතිවල මූල්‍ය ප‍්‍රකාශන නිවැරදිව තක්සේරු කිරීමට, විශ්ලේෂණය කිරීමට සහ අර්ථකථනය කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම, තොග, දේපල, මුදල් ප‍්‍රවාහ සහ ආදායම් වැනි ප‍්‍රධාන ගිණුම්කරණ අංග සඳහා අදාළ වන (SLAuS/SLFRS) ප‍්‍රමිතීන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙනු ලැබේ. එමගින් සමුපකාර අංශයේ මූල්‍ය වාර්තාකරණයේ නිරවද්‍යතාවය සහ ප‍්‍රමිතිය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
කුඩා කණ්ඩායම් ණය හා තැන්පත් රාශීකරණය පිලිබඳ පුහුණු වැඩසටහන
කුඩා කණ්ඩායම් ණය හා තැන්පතු වැඩසටහන් ලාභදායී ලෙස හා තිරසාරව පවත්වාගෙන යාමට අවශ්‍ය මෙහෙයුම් සහ මූල්‍ය කළමනාකරණ කුසලතා වැඩිදියුණු කිරීම.
ග‍්‍රාමීය බැංකු ගිණුම්කරණය පිලිබඳ පුහුණු වැඩසටහන
මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ වන්නේ සමුපකාර ග‍්‍රාමීය බැංකු පද්ධතියට විශේෂිත වූ මූලික ගිණුම්කරණ සිද්ධාන්ත සහ ප‍්‍රායෝගික ක‍්‍රමවේද පිළිබඳ දැනුම ලබා දීමයි. කවුළු මුදල් පොත ( Teller Cash Book ) පවත්වාගෙන යාම, ප‍්‍රධාන කාර්යාලය (Head Office ) සමඟ ගිණුම් සටහන් පැනවීම සහ විවිධ පැවරුම් සේවා (Agency Services) සඳහා ගිණුම්කරණය වැනි විශේෂිත අංශ කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ. එමගින් ග‍්‍රාමීය බැංකු සේවකයින්ගේ ගිණුම්කරණ නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
සමුපකාර සංවර්ධන නිලධාරීන් සඳහා ප‍්‍රායෝගික ගිණුම්කරණය පුහුණු වැඩසටහන
සමුපකාර සංවර්ධන නිලධාරීන්ගේ අධීක්ෂණ සහ නියාමන කාර්යයන් වඩාත් ඵලදායීව ඉටු කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රායෝගික ගිණුම්කරණ දැනුම හා කුසලතා වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණයි. න්‍යායාත්මක ගිණුම්කරණ මූලධර්ම සහ සමුපකාර අංශයේ ප‍්‍රායෝගික ගිණුම්කරණ ක‍්‍රමවේදයන් අතර ඇති සම්බන්ධතාවය අවබෝධ කර දීම මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරේ. එමගින් නිලධාරීන්ට සමුපකාර සමිතිවල ගිණුම් වාර්තා නිවැරදිව කියවීමට, විශ්ලේෂණය කිරීමට සහ විගණන කටයුතු සඳහා සහාය වීමට හැකිවීම අපේක්ෂා කරයි.
සකසුරැවම් හා ණය ගනුදෙනු සමුපකාර සමිති සඳහා ගිණුම්කරණ පුහුණු වැඩසටහන
සකසුරුවමි හා ණය ගනුදෙනු සමුපකාර සමිතිවල භාණ්ඩගාරිකවරුන්ගේ ප‍්‍රායෝගික ගිණුම්කරණ සහ මූල්‍ය කළමනාකරණ කුසලතා වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණයි. ශක්තිමත් අභ්‍යන්තර පාලන ක‍්‍රියාවලියක් සහිතව නිවැරදි ගිණුම්කරණ පද්ධතියක් පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම ලබා දීම මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරේ. මූල්‍ය ප‍්‍රකාශන පිළියෙල කිරීම, ඒවා විශ්ලේෂණය කිරීම, ආයෝජන කළඹ කළමනාකරණය සහ සමුපකාර සමිතිවලට අදාළ ගිණුම්කරණ ප‍්‍රමිතීන් පිළිබඳව දැනුවත් කිරීම තුළින් සමිතියේ මූල්‍ය විනිවිදභාවය සහ පාලනය ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
සමුපකාර ප‍්‍රායෝගික ගිණුම්කරණ සිද්ධාන්ත පිලිබඳ පුහුණු වැඩසටහන
මෙම ප‍්‍රායෝගික වැඩසටහන මඟින්, ඔබ මූලික ගිණුම්කරණ සිද්ධාන්ත සහ සමුපකාර ක‍්‍රමවේදයන් අතර ඇති ගැඹුරු සම්බන්ධය පිළිබද අවබෝධයක් ලබාදීම මෙහි ප‍්‍රධාන අරමුණයි. එමඟින්, ගුණාත්මක හා විනිවිදභාවයෙන් යුතු ගිණුම්කරණ පද්ධතියක් සමිතිය තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික දැනුම සහ ප‍්‍රායෝගික කුසලතා පුහුණුලාභීන්ට ලබාදීම මෙමගින් සිදුවෙි.
උකස් කළමනාකරණය පිලිබඳ පුහුණු වැඩසටහන
සමුපකාර මූල්‍ය අංශයේ උකස් සේවා කළමනාකරණය සඳහා අවශ්‍ය නෛතික දැනුම, ක‍්‍රියාපටිපාටි සහ තාක්ෂණික කුසලතා වෘත්තිකයන්ට ලබා දීමයි. උකස්කරණය සඳහා වන මූලික නීති හා රීති, උකස් ගැනීමේ ක‍්‍රියාවලිය, නිසි තක්සේරුකරණය, ලේඛන නඩත්තුව සහ උකස් භාණ්ඩ වෙන්දේසි කිරීමේ ක‍්‍රියාවලිය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීම මෙහිදී අවධාරණය කෙරේ. එමගින් උකස් මෙහෙයුම්වල නිරවද්‍යතාවය සහ නීතිමය අනුකූලතාවය තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.
සමුපකාර කේෂත‍්‍රය සඳහා අවදානම් කළමනාකරණය සහ රක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුළුව
සමුපකාර සමිතිවලට මුහුණ දීමට සිදුවන විවිධ මෙහෙයුම්, මූල්‍ය සහ උපායමාර්ගික අවදානම් හඳුනා ගැනීම, ඇගයීම සහ ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක හා ප‍්‍රායෝගික දැනුම ලබා දීමයි. අවදානම් අවම කිරීමේ ප‍්‍රධාන මෙවලමක් ලෙස රක්ෂණයේ මූලධර්ම සහ භාවිතයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ. එමගින් සමිතිවලට තිරසාරභාවය පවත්වා ගැනීමට සහ සාමාජිකයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට හැකිවීම අපේක්ෂා කරයි.
මුල්‍ය කළමණාකරනය පිළිබඳ පුහුණු වැඩසටහන
ආයතනයක මූල්‍ය කටයුතු කාර්යක්ෂමව සැලසුම් කිරීමට, සංවිධානය කිරීමට සහ පාලනය කිරීමට අවශ්‍ය මූල්‍ය කළමනාකරණ දැනුම සහ කුසලතා වෘත්තිකයන්ට ලබා දීමයි. අයවැයකරණයේ වැදගත්කම, මූල්‍ය තිරසාරභාවය, මූල්‍ය උපකරණ භාවිතය සහ මූල්‍ය තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කෙරේ. එමගින් ආයතනවල මූල්‍ය සෞඛ්‍යය තහවුරු කිරීමට සහ ඵලදායී මූල්‍ය සන්නිවේදනයක් පවත්වාගෙන යාමට සහභාගිවන්නන් සූදානම් කිරීම අපේක්ෂා කෙරේ.
ක්ෂුද්‍ර මුල්‍ය ණය කළමණාකරනය හා ණය ප‍්‍රතිසාධන පිලිබඳ පුහුණු වැඩසටහන
ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල කළමනාකාරීත්වයේ සහ නිලධාරීන්ගේ ණය කළමනාකරණ සහ ණය ප‍්‍රතිසාධන (Loan Recovery ) සමිබන්ධ කුසලතා වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණයි. ක්ෂුද්‍ර මූල්‍ය ණය උපකරණ හඳුනා ගැනීම, ණය අනුමත කිරීමේ ක‍්‍රියාවලියේ පෙර- සහ පසු- විපරම් (Pre- and Post-evaluation ) නිවැරදිව සිදු කිරීම මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරේ. එමගින් ණය කළඹේ ගුණත්වය (Quality of the credit Portfolio ) විශ්ලේෂණය කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම සහ මූල්‍ය උපකරණ සංවර්ධනයට දායක වීම අපේක්ෂා කෙරේ.
Audit & Management
සමුපකාර සඳහා නවීන වෙළඳ ශිල්ප ක‍්‍රම පිළිබද පිළිබඳ පුහුණු වැඩසටහන
සමුපකාර සිල්ලර අංශයේ කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඉහළ නැංවීම සඳහා නවීන වෙළඳ ප‍්‍රචාරණ මූලධර්ම සහ තාක්ෂණික ක‍්‍රමවේද පිළිබඳව කළමනාකරුවන් සහ විධායකයින් දැනුවත් කිරීම. වෙළඳසැල් සැකැස්ම, නිෂ්පාදන පෙළගැස්වීම, දෘශ්‍ය වෙළඳාම, සහ ඉන්වෙන්ටරි කළමනාකරණය පිළිබඳ උපාය මාර්ග හඳුන්වා දීම.
ඵලදායී පාරිභෝගික සත්කාරය පිළිබඳ පුහුණු වැඩසටහන
සමුපකාරයේ සාමාජික-මූලික සංකල්පය තේරුම් ගනිමින්, එයට ගැලපෙන පරිදි ඉහළ ගුණාත්මක පාරිභෝගික සේවා ප‍්‍රමිතීන් ස්ථාපිත කිරීමතුලින් සමුපකාර සේවකයින්ගේ සන්නිවේදන, ගැටලූ විසඳීමේ සහ චිත්තවේගීය බුද්ධියේ (Empathy) කුසලතා වර්ධනය කිරීම මඟින් සාමාජික/පාරිභෝගික තෘප්තිය සහ විශ්වාසය ඉහළ නැංවීම සහ ඵලදායී පාරිභෝගික සේවාව තුළින් සාමාජිකයින්ගේ දිගුකාලීන පක්ෂපාතිත්වය (Loyalty and Retention) ගොඩනැඟීම සහ සමුපකාරයේ ව්‍යාපාරික සාර්ථකත්වයට දායක වීම.
සන්නාම කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන
සමුපකාර සන්නාමය මූලිකවම නියෝජනය කරන්නේ සාමාජිකයන්ගේ වටිනාකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයයි.එමගින් ව්‍යාපාරික කාර්යක්ෂමතාව (නිෂ්පාදන හෝ සේවා සැපයීම) මෙන්ම සමාජ වගකීම සහ ප‍්‍රජා සුබසාධනය යන දෙකම ඉස්මතු කිරීම තුල සමුපකාර වටිනාකම් කළමනාකරණය කරගනිමින් සමුපකාර සන්නම්නාමය සාමාජිකයන් අතර ප‍්‍රචලිත කිරීම සදහා වන කටයුතු සංවිධානය කරගැනීම මෙම වැඩසටහනේ මුඛ්‍ය අරමුණයි.
අලෙවි කළමනාකරණ පුහුණු වැඩසටහන
සාමාජිකත්ව ප‍්‍රවර්ධනය තුලින් සමුපකාර අලෙවිකරණ කටයුතු පුළුල් කිරීම. ව්‍යවසාය අලෙවිකරණ කටයුතු වලට අදාලව සැලසුම්කරණය සිදුකිරිම.සමුපකාර අලෙවිකරණ ක්ෂේත‍්‍රය තුල වෘත්තීයභාවය සංවර්ධනය කිරිම. සමුපකාර ව්‍යවසාය තුල කාලින අලෙවිකරණ ශිල්පක‍්‍රම හදුනා ගැනීම සහ භාවිතය ඉහල නැංවීම.
ව්‍යාපෘති සැලසුම්කරණය පිළිබඳ පුහුණු වැඩසටහන
සහභාගිවන්නන්ට ව්‍යාපෘති චක‍්‍රය, ශක්‍යතා අධ්‍යයනය (අලෙවි, නිෂ්පාදන, මූල්‍ය සහ පාරිසරික) සහ ව්‍යාපෘති ඇගයීම් ක‍්‍රමවේද පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දීම. එමගින් සාර්ථක ව්‍යාපෘති තෝරා ගැනීමට සහ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුම හා මෙවලම් ලබා දීම අපේක්ෂා කෙරේ.
සමුපකාර සමිති අභ්‍යන්තර විගණනය පිලිබඳ පුහුණු වැඩසටහන
සමුපකාර සමිති අභ්‍යන්තර විගණනය කාර්යක්ෂමව හා ඵලදායී ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය මානව සම්පතක් නිර්මාණය කිරීම.
සමුපකාර සමිති කාර්යාභිවර්ධනය සඳහා ඵලදායී මානව සම්පත් උපයෝජනය පිළිබඳ පුහුණු වැඩසටහන
මෙම දින දෙකක කෙටි පාඨමාලාවේ ප‍්‍රධාන අරමුණ වන්නේ, සමුපකාර සංවිධානවල සිටින ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ සහ මානව සම්පත් කළමනාකරණ වගකීම් දරන නිලධාරීන්ගේ ධාරිතාව ශක්තිමත් කිරීමයි. මෙමගින්, මානව සම්පත් සැලසුම්කරණය, කාර්යමණ්ඩල බඳවාගැනීම, පුහුණුව, සේවක කාර්යසාධනය ඉහළ නැංවීම සහ දුක්ගැන්විලි හැසිරවීම වැනි විෂයයන් පිළිබඳ අවබෝධය ලබාදී, ආයතනික ඵලදායිතාව සහ සේවක කාර්ය සාධනය වැඩි දියුණු කරන ඵලදායී මානව සම්පත් භාවිතයන් යෙදවීමට ඔවුන්ට හැකිවීම ලබා දීම තුළින් සමුපකාර සංවිධාන තුළ මානව සම්පත් කාර්යයන් යොදවාගැනිමට සහ භාවිතය පිළිබඳ සහභාගිවන්නන්ගේ අවබෝධය වැඩි දියුණු කිරීමට සේවක කාර්ය සාධනය සහ ආයතනික ඵලදායිතාව වැඩි දියුණු කරන ඵලදායී මානව සම්පත් භාවිතයන් යෙදීමට සහභාගිවන්නන්ගේ ධාරිතාව ශක්තිමත් කිරීමට හැකියාව ලැබේ.
සමුපකාර සංවර්ධන නිලධාරින් සඳහා ශ‍්‍රි ලංකා විගණන ප‍්‍රමිත භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන
සමුපකාර සංවර්ධන නිලධාරීන්ට ශ‍්‍රී ලංකා විගණන ප‍්‍රමිතීන් (SLAuS) පිළිබඳ ගැඹුරු න්‍යායාත්මක හා ප‍්‍රායෝගික අවබෝධයක් ලබා දීම මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණයි. විගණන සැලසුම්කරණය, ප‍්‍රමාණාත්මකභාවය, අවදානම් තක්සේරුව සහ අඛණ්ඩ පැවැත්ම වැනි මූලික සංකල්ප ීඛ්මී ප‍්‍රමිතීන් යටතේ හඳුන්වා දෙනු ලැබේ. එමගින් නිලධාරීන්ට සමුපකාර සමිතිවල විගණන වාර්තා නිවැරදිව කියවීමට, විගණන සාක්ෂි තක්සේරු කිරීමට සහ ස්වාධීන විගණකගේ වාර්තා පිළිබඳව නිවැරදි මතයක් ගොඩනැගීමට හැකිවීම අපේක්ෂා කෙරේ.
ව්‍යාපාර අදහස් ජනනය කිරීමේ පුහුණු වැඩසටහන
මෙම වැඩමුළුව නවෝත්පාදන සහ ගැටළු විසඳීම (Aspiring Entrepreneurs) පදනම් කරගත්, වෙළඳපොළට ගැළපෙන ව්‍යාපාර අදහස් නිර්මාණය කිරීමේ ක‍්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කරයි.
සමුපකාර වෙළඳපොල ප‍්‍රවර්ධන උපාය මාර්ග සම්බන්ධ පුහුණු වැඩසටහන
සහභාගිවන්නන්ට ඔවුන්ගේ ව්‍යාපාර සඳහා වඩාත් ලාභදායී ගනුදෙනුකාර කණ්ඩායම් (Target Audiences) නිවැරදිව හඳුනා ගැනීමටත්, තරඟකරුවන්ට වඩා සුවිශේෂී ලෙස තම සන්නාමය පාරිභෝගික මනසෙහි ස්ථාපිත කිරීමටත් අවශ්‍ය න්‍යායාත්මක දැනුම හා ප‍්‍රායෝගික මෙවලම් සැපයීමයි.
Information & Digital Technology
Workshop on Computer Network
This workshop aims to provide participants with a solid understanding of fundamental networking concepts and devices, develop practical skills in configuring basic network components and IP settings, enhance their ability to troubleshoot common connectivity issues, build awareness of essential network security practices, and introduce them to current trends and emerging technologies in modern computer networking.
Workshop on Computer Hardware
This one-day workshop aims to provide participants with a fundamental understanding of key computer hardware components, develop practical skills in identifying, assembling, and troubleshooting essential parts, enhance their ability to perform basic maintenance and diagnose common issues, and introduce them to current trends and emerging technologies in modern computer hardware systems.
Workshop on Graphic Design
The objective of this course is to equip learners with comprehensive knowledge and practical skills in artificial intelligence, taking them from foundational concepts to advanced applications. This also seeks to build confidence in using AI technologies for problem-solving, innovation, and decision-making across various industries
Workshop on Workplace Essentials (Computing & Communication)
To equip employees with the essential computing and communication skills required to perform workplace tasks efficiently, securely, and collaboratively in a modern office environment.
Workshop on New Technology for Managing Business
This program aims to equip cooperative sector employees with practical knowledge of emerging technologies and digital tools that improve efficiency, transparency, and decision-making in collaborative management. Participants will gain awareness of how modern digital platforms can be applied in areas such as accounting, communication, member management, and service delivery
Workshop on IT Fundamentals for Business Professionals
The course aims to equip business professionals with a solid understanding of core IT concepts and their practical applications in the workplace. Participants will learn how to leverage technology to improve business processes
Workshop on Digital Transformation: Leading People Through Change and Upskilling
To provide comprehensive knowledge on understanding digital transformation, developing effective digital strategy plans, exploring practical applications, and recognizing the crucial role of leadership in driving successful digital initiatives.
Workshop on Internet & Email Security and Efficiency
The Internet and email are essential tools for communication, education, and business. However, many individuals lack the necessary skills to use them effectively and securely. This project aims to develop an Internet and Email Course to provide structured learning on Internet basics, web browsing, email usage, and security best practices.
Workshop on File Management Using Modern Software
This program aims to equip cooperative sector employees with practical knowledge of emerging technologies and digital tools that improve efficiency, transparency, and decision-making in collaborative management. Participants will gain awareness of how modern digital platforms can be applied in areas such as accounting, communication, member management, and service delivery
Enhancing Workplace Efficiency with Microsoft Excel
This project aims to integrate Microsoft Excel as a key tool in workplace operations to improve efficiency, data management, and decision-making processes. Excel will be utilized for data analysis, reporting, budgeting, and automation to streamline business activities.
Basic Computer Skills Training Program for Co-operative Employees
The objective of this program is to providing basic computer skills for cooperative employees in computer introduction. Operating systems, Microsoft Office, and the use of digital communication tools.
Enhancing Digital Accounting Practices in Cooperative Rural Banks
The objective of this program is to provide a comprehensive understanding of the banking and accounting processes in cooperative rural banks, including digital accounting practices, the selection of suitable accounting software, the preparation of accurate financial reports, and the identification and correction of accounting errors.
A Professional Certificate Course in AI from Beginners to Advanced Level
The objective of this course is to equip learners with comprehensive knowledge and practical skills in artificial intelligence, taking them from foundational concepts to advanced applications. By combining theory with hands-on projects, the program aims to enable participants to understand, develop, and implement AI solutions, including machine learning models, data-driven insights, and AI-powered tools, in a professional and ethical manner.