Welcome to National Institute of Co-Operative Development

Journal Article Details

Article : සංවිධානවල සේවක ප්‍රතිලාභ ක්‍රමවේදය සේවක රැකියා කැපවීමට බලපානු ලබන ආකාරය : මධ්‍යම පළාතේ විවිධ සේවා සමුපකාර සමිතිවල ග්‍රාමීය බැංකු කළමනාකරුවන් ඇසුරින්


Abstract :

මෙම පර්යේෂණයේ අරමුණ වුයේ සංවිධානවල සේවක ප්‍රතිලාභ ක්‍රමය සේවක කැපකිරිමට සිදුකරන බලපෑම සොයා බැලීමයි. පර්යේෂණ නියැඳිය ලෙස මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනම නියෝජනය වන පරිදි ග්‍රාමීය බැංකු කලමනාකරුවන් 80 දෙනෙකු ස්ථරීකෘත නියඳීම් ක්‍රමය අනුව තෝරා ගෙන ප්‍රතිලාභ සහ සේවක කැපවීම පිළිබඳව සකස් කල සංවෘත ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කර දත්ත රැස් කෙරුනි. ප්‍රශ්ණාවලියේ විචල්‍යයන්ගේ විශ්වාසනීයත්වය cronbachs alpha සංගුණකය මඟින් විශ්ලේෂණය කර ඇත. සංඛ්‍යානමය ගණනය කිරිම් මඟින් දත්ත විශ්ලේෂණය කළ අතර පර්යේෂණ ප්‍රතිඵල වලින් දැක්වුයේ මධ්‍යම පළාතේ විවිධ සේවා සමුපකාර සමිතිවල ග්‍රාමීය බැංකු කළමනාකරුවන්ට ලබාදෙන මුල්‍ය ප්‍රතිලාභ සහ සේවක කැපවීම අතර, 0.853 ක ඉතා ප්‍රබල ධන සහසම්බන්ධතාවයක් පෙන්නුම් කරන බවයි. එනම්, සේවක වැටුප්, දිරිදීමනා, ප්‍රසාද දීමනා, වෛද්‍ය ආධාර, අතිකාල දීමනා, ගමන් බීමන් දීමනා ඇතුළු සේවකයන්ට දෙනු ලබන මුල්‍ය ප්‍රතිලාභ සේවක කැපකිරිම කෙරෙහි ධනාත්මකව බලපානු ලබන බවයි. ප්‍රතිඵල විශ්ලේෂණය අනුව මුල්‍ය නොවන ප්‍රතිලාභ වලට වඩා මුල්‍ය ප්‍රතිලාභ සමුපකාර සමිතිවල ග්‍රාමීය බැංකු කළමනාකරුවන්ගේ සේවක රැකියා කැපකිරිම් කෙරෙහි ප්‍රභලව බලපාන බව පෙන්වයි. එමෙන්ම, දත්ත විශ්ලේෂණ ප්‍රතිඵලය අනුව ග්‍රාමීය බැංකු කළමනාකරුවන්ට ලබාදෙන මුල්‍ය නොවන ප්‍රතිලාභ සහ සේවක කැපවීම අතර 0.789 ක ප්‍රබල ධන සහම්බන්ධතාවයක් පෙන්නුම් කරයි. ඉන් අදහස් වන්නේ බැංකු කළමනාකරුවන්ගේ ඉටුකරන වැඩ කොටස් පිළිගැනිම හා ඇගයීමට ලක්කිරිම, ඔවුනට රාජකාරි ඉටුකිරිමට අවශ්‍ය ප්‍රමාණවත් උපකරණ හා ද්‍රව්‍ය සපයාදීම, නවීන දැනුම හා පුහුණුව ලබාදීමට කටයුතු කිරිම , සේවක හැකියාවට ඉඩ සලසා තිබිම, දක්ෂතාව හා කුසලතාවය මත පදනම් වු උසස්වීම් ක්‍රමවේදයක් පැවතීම වැනි මුල්‍ය නොවන ප්‍රතිලාභ ද සේවක කැපකිරීම කෙ‌රෙහි ධනාත්මකව බලපානු ලබන බවයි. තවද, සේවකයන් හට සාධාරණ යැයි හැගෙන මුල්‍ය ප්‍රතිලාභ ලබාදීමටත් මුල්‍ය නොවන ප්‍රතිලාභ ද සැලසුම් කර ලබාදීමටත් කටයුතු කිරීම මඟින් සේවක කැපවීම ඉහල නංවා ගැනිමට කටයුතු යෙදිය යුතු බව පර්යේෂණ ප්‍රතිඵල අනුව පැහැදිලි වේ.


Key Words :

සේවක ප්‍රතිලාභ, රැකියා කැපවීම, මුල්‍යය ප්‍රතිලාභ, මුල්‍ය නොවන ප්‍රතිලාභ


How to Cite :

ඩබ්.බී.සමරකෝන්, & මුදන්නායක, ශ. (2022). සංවිධාන වල සේවක ප්‍රතිලාභ ක්‍රමවේදය සේවක රැකියා කැපවීමට බලපානු ලබන ආකාරය : මධයම පළාතේ විවිධ සේවා සමුපකාර සමිතිවල ග්‍රාමීය බැංකු කළමනාකරුවන් ඇසුරින්. ශ්‍රි ලංකා සමුපකාර අධ්‍යන සඟරාව, 2(1), 59-75.


Published Date : 2022-09-01

Download PDF

Articles


  • Service Quality, Transaction Cost and Customer satisfaction of the Customers of Co-operative Rural Banks in Kandy, Sri Lanka.

  • The Impact of Co-operative Marketing Mix Practices on Customer Loyalty in Co-op Cities of Central Province in Sri Lanka.

  • Factors behind the Success of Rideegama Multipurpose Co-operative Society: A Qualitative Exploration.

  • විවිධ සේවා සමුපකාර සමිතියක භෞතික හා මානව සම්පත් උපයෝජනය පිළිබඳ පර්යේෂණාත්මක සිද්ධි අධ්‍යනය (සීමා සහිත නා උල විවිධ සේවා සමුපකාර සමිතිය ඇසුරින්)

  • සංවිධානවල සේවක ප්‍රතිලාභ ක්‍රමවේදය සේවක රැකියා කැපවීමට බලපානු ලබන ආකාරය : මධ්‍යම පළාතේ විවිධ සේවා සමුපකාර සමිතිවල ග්‍රාමීය බැංකු කළමනාකරුවන් ඇසුරින්

  • ග්‍රාමීය සමුපකාර සමිති නියෝජනය කරන සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් සැලසුම් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු පිළිබඳ අධ්‍යනය.

  • සමුපකාර ග්‍රාමීය බැංකු විසින් ණය නිකුත් කිරිමේ ක්‍රියාවලිය ණය අකාර්ය වීම කෙරෙහි සිදු කරනු ලබන බලපෑම

  • The Impact of Emotional Intelligence for Job Satisfaction with Special Reference to Non- Executive Workers in ALS (Pvt) Ltd: A lesson to Co-operative Societies.

  • Online Classroom Experience: A Study based on the National Institute of Co-operative Development during the period of Covid 19 Pandemic.

  • සමුපකාර මුල්‍යායතනයක සමාජීය වගකීම හා පාරිභෝගික තෘප්තිය අතර ඇති සම්බන්ධතාවය, සීමාසහිත කිණිගොඩ කෝරළයේ සමුපකාර ඉඩම් උගස් බැංකුව ආශ්‍රිත සිද්ධි අධ්‍යනය

  • Financial inclusion on microfinance credits for poverty alleviation in Sri Lanka during the post-liberalization era. A desk exploration

  • The role of Co-operative Law in promoting environmental Sustainability in Sri Lanka: A Critical Review.

  • විවිධ සේවා සමුපකාර සමිති අකාර්යක්ෂමතාවයට තීරණ ගැනීමේ ක්‍රියාවලිය දක්වනු ලබන දායකත්වය පිළිබඳ අධ්‍යනය. (ඌව පලාත් විවිධ සේවා සමුපකාර සමිති ආශ්‍රයෙන්)

  • Food Security in Sri Lankan Consumer Cooperatives. An Explorative Review.

  • The Global Co-operative Movement in the Age of Automation and AI

  • A Study on the Revitalization of Indias, Cooperative Movement through the Initiatives of the Ministry of Cooperation