Welcome to National Institute of Co-Operative Development

Journal Article Details

Article : විවිධ සේවා සමුපකාර සමිති අකාර්යක්ෂමතාවයට තීරණ ගැනීමේ ක්‍රියාවලිය දක්වනු ලබන දායකත්වය පිළිබඳ අධ්‍යනය. (ඌව පලාත් විවිධ සේවා සමුපකාර සමිති ආශ්‍රයෙන්)


Abstract :

විවිධ සේවා සමුපකාර සමිති අකාර්යක්ෂමතාවයට තීරණ ගැනිමේ ක්‍රියාවලිය දක්වනු ලබන දායකත්වය පිළිබඳ අධ්‍යනය කිරීම මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ විය. උප අරමුණු ලෙස, විවිධ සේවා සමුපකාර සමිතිවල තීරණ ගැනිමේ ක්‍රියාවලිය අධ්‍යනය කිරීම, විවිධ සේවා සමුපකාර සමිතිවල තීරණ ගැනිමේ ක්‍රියාවලිය අකාර්යක්ෂම වීමට හේතු හදුනා ගැනීම, තීරණ ගැනිමේ ක්‍රියාවලියේ දුර්වලතැන් හඳුනාගෙන පිලියම් වශයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම හඳුනාගන්නා ලදි. මෙහිදී, උද්ගාමී ප්‍රවේශය යටතේ ගුණාත්මක ශිල්ප ක්‍රමය යොදාගනිමින් සිද්ධි අධ්‍යයනයක් සිදුකර ඇත. රාජ්‍ය සහනාධාර බෙදාහැරීම සඳහා සමිති දිගින් දිගටම බැංකු අයිරා මත කටයුතු කිරීම, විගණන වාර්තා නිවැරදිව පරිශීලනය නොකිරීම, විගණන ඌණතා නිවැරදි කිරීමට සමිති කටයුතු නොකිරීම, තොරතුරු සන්නිවේදනය දුර්වල තතත්වයක පැවතීම, උපාය මාර්ගික සැලසුම් තිරසාර නොවීම වැනි හේතු විවිධ සේවා සමුපකාර සමිති අකාර්යක්ෂමතාවය බලපෑම් කරනු ලබන බව හෙළිදරව් විය. රාජ්‍ය සහනාධාර බෙදාහැරීම සමිතියේ සාමාන්‍ය ව්‍යපාරික කටයුතු වලට බාධා නොවන පරිදි සිදුකිරීමට, තීරණ ගැනීමේ දී භාවිතාකල යුතු ලේඛණ හා වාර්තා පරිශීලනය ඉහළ නැංවීම, විගණන ඌණතා නිවැරදි කිරීමට සමුපකාර සමිති සහ සමුපකාර දෙපාර්තමේන්තුව විසින් යාන්ත්‍රණයක් සැකසීම, උපාය මාර්ගික සැලසුම් සමිතියේ දිගුකාලින අවශ්‍යතා සඳහා සැකසීම වැනි දෑ අධ්‍යනය අවසානයේ නිර්දේශ ලෙස ලබාදෙන ලදි.


Key Words :

අකාර්යක්ෂමතාවය, තීරණ ගැනීම, විවිධ සේවා සමුපකාර සමිති


How to Cite :

දිනේෂ්, ච., & දිසානායක, ද. (2024). විවිධ සේවා සමුපකාර සමිති අකාර්යක්ෂමතාවයට තීරණ ගැනීමේ ක්‍රියාවලිය දක්වනු ලබන දායකත්වය පිළිබඳ අධයනය.(ඌව පළාත් විවිධ සේවා සමුපකාර සමිති ආශ්‍රයෙන්) ශ්‍රී ලංකා සමුපකාර අධ්‍යන සඟරාව, 3(1), 30-60.


Published Date : 2024-12-30

Download PDF

Articles


  • Service Quality, Transaction Cost and Customer satisfaction of the Customers of Co-operative Rural Banks in Kandy, Sri Lanka.

  • The Impact of Co-operative Marketing Mix Practices on Customer Loyalty in Co-op Cities of Central Province in Sri Lanka.

  • Factors behind the Success of Rideegama Multipurpose Co-operative Society: A Qualitative Exploration.

  • විවිධ සේවා සමුපකාර සමිතියක භෞතික හා මානව සම්පත් උපයෝජනය පිළිබඳ පර්යේෂණාත්මක සිද්ධි අධ්‍යනය (සීමා සහිත නා උල විවිධ සේවා සමුපකාර සමිතිය ඇසුරින්)

  • සංවිධානවල සේවක ප්‍රතිලාභ ක්‍රමවේදය සේවක රැකියා කැපවීමට බලපානු ලබන ආකාරය : මධ්‍යම පළාතේ විවිධ සේවා සමුපකාර සමිතිවල ග්‍රාමීය බැංකු කළමනාකරුවන් ඇසුරින්

  • ග්‍රාමීය සමුපකාර සමිති නියෝජනය කරන සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් සැලසුම් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු පිළිබඳ අධ්‍යනය.

  • සමුපකාර ග්‍රාමීය බැංකු විසින් ණය නිකුත් කිරිමේ ක්‍රියාවලිය ණය අකාර්ය වීම කෙරෙහි සිදු කරනු ලබන බලපෑම

  • The Impact of Emotional Intelligence for Job Satisfaction with Special Reference to Non- Executive Workers in ALS (Pvt) Ltd: A lesson to Co-operative Societies.

  • Online Classroom Experience: A Study based on the National Institute of Co-operative Development during the period of Covid 19 Pandemic.

  • සමුපකාර මුල්‍යායතනයක සමාජීය වගකීම හා පාරිභෝගික තෘප්තිය අතර ඇති සම්බන්ධතාවය, සීමාසහිත කිණිගොඩ කෝරළයේ සමුපකාර ඉඩම් උගස් බැංකුව ආශ්‍රිත සිද්ධි අධ්‍යනය

  • Financial inclusion on microfinance credits for poverty alleviation in Sri Lanka during the post-liberalization era. A desk exploration

  • The role of Co-operative Law in promoting environmental Sustainability in Sri Lanka: A Critical Review.

  • විවිධ සේවා සමුපකාර සමිති අකාර්යක්ෂමතාවයට තීරණ ගැනීමේ ක්‍රියාවලිය දක්වනු ලබන දායකත්වය පිළිබඳ අධ්‍යනය. (ඌව පලාත් විවිධ සේවා සමුපකාර සමිති ආශ්‍රයෙන්)

  • Food Security in Sri Lankan Consumer Cooperatives. An Explorative Review.

  • The Global Co-operative Movement in the Age of Automation and AI

  • A Study on the Revitalization of Indias, Cooperative Movement through the Initiatives of the Ministry of Cooperation