Welcome to National Institute of Co-Operative Development

Journal Article Details

Article : විවිධ සේවා සමුපකාර සමිතියක භෞතික හා මානව සම්පත් උපයෝජනය පිළිබඳ පර්යේෂණාත්මක සිද්ධි අධ්‍යනය (සීමා සහිත නා උල විවිධ සේවා සමුපකාර සමිතිය ඇසුරින්)


Abstract :

විවිධ සේවා සමුපකාර සමිතියක භෞතික හා මානව සම්පත් උපයෝජනය කිරීම පිළිබඳව පරික්ෂා කිරීම මෙම පර්යේෂණයේ දී සිදුකර ඇත. පර්යේෂණය සිදුකර ඇත්තේ පුළුල් අධ්‍යයන ක්ෂේත්‍රයක් මත සිට නොව පටු භූගෝලීය කලාපයක් කේන්ද්‍රගතවයි. අධ්‍යයනයේ දී සහභාගීත්ව නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා හා වෘත්තීය අත්දැකීම් ද උපයෝගී කරගෙන ඇත. සාහිත්‍යය විමර්ෂණය මඟින් ආර්ථිකය තුළ ඇති සම්පත් හඳුනාගැනීමත් එම සම්පත් සමුපකාර ව්‍යාපාරය තුළ උපයෝජනය වන ආකාරයත් හඳුනාගෙන ඇත. දත්ත විශ්ලේෂණය ඔස්සේ විවිධ සේවා සමුපකාර සමිති සතු සම්පත් හඳුනාගැනීමත්, එම සම්පත් සමුපකාර ව්‍යාපාරය තුළ දැනට උපයෝජනය කරන ආකාරය නිවැරදි ද යන්නත් පිළිබඳව විශ්ලේෂණය කිරීමත් සිදුකර ඇත. මෙම දත්ත විශ්ලේෂණය මඟින් නිගමනය වන්නේ විවිධ සේවා සමුපකාර සමිති තමන් සතු භෞතික හා මානව සම්පත් උපයෝජනය සමිතිවල ඵලදායීතාවය හා තිරසාර සංවර්ධනය ඇතිවන ආකාරයට සිදුනොවන බවයි. කාලය, මෙම පර්යේෂණයේ දී ප්‍රධාන වශයෙන් සීමා වු අතර සමුපකාර ව්‍යාපාරය තුල තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට ඉවහල් වන ප්‍රතිපත්තිමය ගම්‍යවීම් කිහිපයක් ද පර්යේෂණය තුළින් හඳුනාගෙන සටහන් කර ඇත. ඒ අතුරින් නව්‍යතා බිහිකිරීම, නව ව්‍යාපෘති ආරම්භ කිරීම, ප්‍රතිචක්‍රීකරණයට හුරුවීම, මානව සම්පත පුහුණු කිරීම, ආකර්ෂණීය මිල ක්‍රම හඳුන්වා දීම, නව තාක්ෂණය භාවිතා කිරීම වැනි කරුණු දැක්විය හැක.


Key Words :

භෞතික සම්පත්, මානව සම්පත්, කාර්යක්ෂමතාවය


How to Cite :

බෝධිපක්ෂ, ආ., & හේරත්, ආ. (2022). විවිධ සේවා සමුපකාර සමිතියක භෞතික හා මානව සම්පත් උපයෝජනය පිළිබඳ පර්යේෂණාත්මක සිද්ධි අධයනය. ශ්‍රි ලංකා සමුපකාර අධ්‍යන සඟරාව, 2(1), 43-58.


Published Date : 2022-09-01

Download PDF

Articles


  • Service Quality, Transaction Cost and Customer satisfaction of the Customers of Co-operative Rural Banks in Kandy, Sri Lanka.

  • The Impact of Co-operative Marketing Mix Practices on Customer Loyalty in Co-op Cities of Central Province in Sri Lanka.

  • Factors behind the Success of Rideegama Multipurpose Co-operative Society: A Qualitative Exploration.

  • විවිධ සේවා සමුපකාර සමිතියක භෞතික හා මානව සම්පත් උපයෝජනය පිළිබඳ පර්යේෂණාත්මක සිද්ධි අධ්‍යනය (සීමා සහිත නා උල විවිධ සේවා සමුපකාර සමිතිය ඇසුරින්)

  • සංවිධානවල සේවක ප්‍රතිලාභ ක්‍රමවේදය සේවක රැකියා කැපවීමට බලපානු ලබන ආකාරය : මධ්‍යම පළාතේ විවිධ සේවා සමුපකාර සමිතිවල ග්‍රාමීය බැංකු කළමනාකරුවන් ඇසුරින්

  • ග්‍රාමීය සමුපකාර සමිති නියෝජනය කරන සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් සැලසුම් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු පිළිබඳ අධ්‍යනය.

  • සමුපකාර ග්‍රාමීය බැංකු විසින් ණය නිකුත් කිරිමේ ක්‍රියාවලිය ණය අකාර්ය වීම කෙරෙහි සිදු කරනු ලබන බලපෑම

  • The Impact of Emotional Intelligence for Job Satisfaction with Special Reference to Non- Executive Workers in ALS (Pvt) Ltd: A lesson to Co-operative Societies.

  • Online Classroom Experience: A Study based on the National Institute of Co-operative Development during the period of Covid 19 Pandemic.

  • සමුපකාර මුල්‍යායතනයක සමාජීය වගකීම හා පාරිභෝගික තෘප්තිය අතර ඇති සම්බන්ධතාවය, සීමාසහිත කිණිගොඩ කෝරළයේ සමුපකාර ඉඩම් උගස් බැංකුව ආශ්‍රිත සිද්ධි අධ්‍යනය

  • Financial inclusion on microfinance credits for poverty alleviation in Sri Lanka during the post-liberalization era. A desk exploration

  • The role of Co-operative Law in promoting environmental Sustainability in Sri Lanka: A Critical Review.

  • විවිධ සේවා සමුපකාර සමිති අකාර්යක්ෂමතාවයට තීරණ ගැනීමේ ක්‍රියාවලිය දක්වනු ලබන දායකත්වය පිළිබඳ අධ්‍යනය. (ඌව පලාත් විවිධ සේවා සමුපකාර සමිති ආශ්‍රයෙන්)

  • Food Security in Sri Lankan Consumer Cooperatives. An Explorative Review.

  • The Global Co-operative Movement in the Age of Automation and AI

  • A Study on the Revitalization of Indias, Cooperative Movement through the Initiatives of the Ministry of Cooperation