Welcome to National Institute of Co-Operative Development

Journal Article Details

Article : ග්‍රාමීය සමුපකාර සමිති නියෝජනය කරන සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් සැලසුම් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු පිළිබඳ අධ්‍යනය.


Abstract :

රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන හා පෞද්ගලික ආයතන මඟින් නිරන්තරයෙන් ග්‍රාමීය ප්‍රජාව සඳහා මෙම පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලබයි. එලෙසම, ග්‍රාමීය සමිති ඉලක්ක කර ගනිමින් ඉතා විශාල ප්‍රමාණයක පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වුවද ඒවා තුළින් ග්‍රාමීය සමිති නියෝජනය කරන ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ හා ප්‍රතිඵල සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකිද යන ගැටලුව ඇත. ග්‍රාමීය සමිති නියොජනය කරන සාමාජික සාමාජිකාවන් සඳහා ක්‍රියාත්මක වන පුහුණු වැඩසටහන් තුළ දක්නට ලැබෙන ගැටලු හඳුනා ගැනීම පිළිබඳ පර්යේෂණාත්මකව විග්‍රහයක් සිදු කිරීම මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ විය. මෙම පර්යේෂණය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ග්‍රාමීය සමුපකාර සමිති 10ක් අධ්‍යන නියැඳිය ලෙස සම්බන්ධ කර ගනිමින් ගුණාත්මක පර්යේෂණයක් සිදු කරන ලදී. ප්‍රාථමික දත්ත විශ්ලේෂණය කිරීම සඳහා සන්දර්භ විශ්ලේෂණය යොදා ගන්නා ලදී. දත්ත විශ්ලේෂණයෙන් අනාවරණය කරගත් කරුණු අනුව පුහුණු මොඩියුලයක් සැකසීමේදී පුහුණු රවුම (Training cycle) ආකෘතිය භාවිතා කර ඉගෙනීමේ පරමාර්ථ හඳුනා ගනිමින් පුහුණු මොඩියුලයක් සැලසුම් කර ගත යුතු වේ. තවදුරටත්, පුහුණු මොඩියුල සැකසීමේදී ද අදාළ ඉලක්ක කණ්ඩායමේ සහභාගීත්වය ද ලබා ගැනීම තුළින් ගැටලු අවම කර ගත හැකි වේ. ඊට අමතරව පසුවිපරම් වැඩසටහන් තුළින් ඉලක්ක කණ්ඩායම සඳහා ඇති වී තිබෙන බලපෑම පිළිබඳව ඇගයීම් කරමින් තොරතුරු හුවමාරු කර ගැනීම සිදු කළ යුතු වේ. එසේම, පුහුණු වැඩසටහන් සිදු කිරීම සඳහා පුහුණුකරුවන්ගේ සංචිතයක් නිර්මාණය කර ගැනීම ඉතාමත් වැදගත් වේ. පුහුණුකරුවන් සඳහා ද පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීම සිදු කළ යුතු වේ.


Key Words :

පුහුණු වැඩසටහන්, ග්‍රාමීය සමුපකාර සමිති, පුහුණුකරුවන්


How to Cite :

අමරසේකර, ච. (2022). ග්‍රාමීය සමුපකාර සමිති නියයෝජනය කරන සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් සැලසුම් කිරීයම්දී හා ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු පිළිබඳ අධ්‍යනය. ශ්‍රි ලංකා සමුපකාර අධ්‍යන සඟරාව, 2(1), 76-85.


Published Date : 2022-09-01

Download PDF

Articles


  • Service Quality, Transaction Cost and Customer satisfaction of the Customers of Co-operative Rural Banks in Kandy, Sri Lanka.

  • The Impact of Co-operative Marketing Mix Practices on Customer Loyalty in Co-op Cities of Central Province in Sri Lanka.

  • Factors behind the Success of Rideegama Multipurpose Co-operative Society: A Qualitative Exploration.

  • විවිධ සේවා සමුපකාර සමිතියක භෞතික හා මානව සම්පත් උපයෝජනය පිළිබඳ පර්යේෂණාත්මක සිද්ධි අධ්‍යනය (සීමා සහිත නා උල විවිධ සේවා සමුපකාර සමිතිය ඇසුරින්)

  • සංවිධානවල සේවක ප්‍රතිලාභ ක්‍රමවේදය සේවක රැකියා කැපවීමට බලපානු ලබන ආකාරය : මධ්‍යම පළාතේ විවිධ සේවා සමුපකාර සමිතිවල ග්‍රාමීය බැංකු කළමනාකරුවන් ඇසුරින්

  • ග්‍රාමීය සමුපකාර සමිති නියෝජනය කරන සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් සැලසුම් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු පිළිබඳ අධ්‍යනය.

  • සමුපකාර ග්‍රාමීය බැංකු විසින් ණය නිකුත් කිරිමේ ක්‍රියාවලිය ණය අකාර්ය වීම කෙරෙහි සිදු කරනු ලබන බලපෑම

  • The Impact of Emotional Intelligence for Job Satisfaction with Special Reference to Non- Executive Workers in ALS (Pvt) Ltd: A lesson to Co-operative Societies.

  • Online Classroom Experience: A Study based on the National Institute of Co-operative Development during the period of Covid 19 Pandemic.

  • සමුපකාර මුල්‍යායතනයක සමාජීය වගකීම හා පාරිභෝගික තෘප්තිය අතර ඇති සම්බන්ධතාවය, සීමාසහිත කිණිගොඩ කෝරළයේ සමුපකාර ඉඩම් උගස් බැංකුව ආශ්‍රිත සිද්ධි අධ්‍යනය

  • Financial inclusion on microfinance credits for poverty alleviation in Sri Lanka during the post-liberalization era. A desk exploration

  • The role of Co-operative Law in promoting environmental Sustainability in Sri Lanka: A Critical Review.

  • විවිධ සේවා සමුපකාර සමිති අකාර්යක්ෂමතාවයට තීරණ ගැනීමේ ක්‍රියාවලිය දක්වනු ලබන දායකත්වය පිළිබඳ අධ්‍යනය. (ඌව පලාත් විවිධ සේවා සමුපකාර සමිති ආශ්‍රයෙන්)

  • Food Security in Sri Lankan Consumer Cooperatives. An Explorative Review.

  • The Global Co-operative Movement in the Age of Automation and AI

  • A Study on the Revitalization of Indias, Cooperative Movement through the Initiatives of the Ministry of Cooperation