ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

අප ගැන

අපගේ දැක්ම

ශ්‍රී ලංකාවේ සමුපකාර හා සමාජ ව්‍යවසායකත්ව අධ්‍යයන සේවා විශිෂ්ටතා මධ්‍යස්ථානය වීම.

අපගේ මෙහෙවර

පිළිගත් උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු, පර්යේෂණ සහ දැනුම ව්‍යාප්තිය තුළින් සමුපකාර හා සමාජ ව්‍යවසාය අංශ ප්‍රමුඛ කොටගෙන සදාචාර හරයන් මත පදනම්ව නිපුණත්වයෙන් හා නව්‍යකරණයෙන් යුත් මානව සම්පතක් ගොඩනැංවීම.


අපගේ ඉතිහාසය

ජාතික සමුපකාර සංවර්ධන ආයතනය (NICD) ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයට අනුබද්ධ සමුපකාර නිලධාරීන් පුහුණු කිරීමේ අරමුණින් 1945 දී මහනුවර පොල්ගොල්ලේ සමුපකාර පාසල ලෙස පිහිටුවන ලදී. ගෝලීයකරණය සහ ආර්ථික ලිබරල්කරණය යන නව ගතිකත්වයන් යටතේ මෙරට සමුපකාර ව්‍යාපාරයේ අවශ්‍යතා සපුරාලීම සඳහා සංශෝධිත ජනවරමක් සමඟ 2001 වසරේ සමුපකාර පාසල වර්තමාන තත්ත්වයට උසස් කරන ලද අතර ඒ සමඟම විද්‍යාලය එහි වර්තමාන නාමය ලබා ගත්තේය. එතැන් පටන් NICD සමුපකාර අධ්‍යයන ක්ෂේත්‍රයේ පමණක් නොව අතිරේක වෘත්තීය සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල ද ඩිප්ලෝමා, සහතික සහ කෙටි කාලීන පාඨමාලා, උපදේශන සේවා සහ පුහුණු වැඩසටහන් පිරිනමන අගනුවර කොළඹින් පිටත අධ්‍යාපන හා පුහුණුවේ ප්‍රමුඛ මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වී ඇත.

අපගේ අභිමතාර්ථ
  • බාහිර අභියෝගවලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර සහ දේශීය සමූපකාර සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
  • සමුපකාර සංවර්ධන කාර්යයන් ඉටු කිරීමේ ප්‍රමුඛ ආයතනය ලෙස කටයුතු කිරීම.
  • සමුපකාර ප්‍රතිපත්ති සංවර්ධනයේ දී ඵලදායී දායකත්වය ලබාදීම.
  • වඩාත් ඵලදායී කාර්යක්ෂම සමුපකාර සේවාවක් නිර්මාණය කිරීම සඳහා දායක වීම.

ආයතන ප්‍රධානි

කළමනාකරණ මණ්ඩලය

  • ඩබ්.යූ.හේරත් මයා - සභාපති - නිල බලයෙන්
  • ජාතික සමුපකාර සංවර්ධන ආයතනය

  • වී.පී.කේ පිලපිටිය මිය - අධ්‍යක්ෂ ජනරාල් - නිල බලයෙන්
  • ජාතික සමුපකාර සංවර්ධන ආයතනය/ අතිරේක ලේකම් (පාලන) - වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය

  • ආචාර්ය ශාන්ත ජයරත්න‍ මහතා - කළමනාකරණ මණ්ඩල සාමාජික
  • ජාතික සමුපකාර සංවර්ධන ආයතනය, පොල්ගොල්ල

  • තරනි කුමාරදාස - සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ සමිති රෙජිස්ට්‍රාර් - නිල බලයෙන්
  • සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (මධ්‍යම රජය)

  • ආර්.එම්.පී.එස්. අබේරත්න මයා - නියෝජ්‍ය අධ්‍යක්ෂ සැලැසුම් - නිල බලයෙන්
  • උසස් අධ්‍යාපන අංශය, අධ්‍යාපන අමාත්‍යංශය

  • ජී. ඩී. එස්. වීරසිරි මයා - සාමාජික- නිල බලයෙන්
  • සභාපති, ජාතික සමුපකාර මණ්ඩලය

  • චම්පිකා පතිරණ මිය - අතිරේක අධ්‍යක්ෂ ජනරාල් - නිල බලයෙන්
  • කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව, මුදල්,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය

  • පී.වී.පතිරණ මයා - කළමනාකරණ මණ්ඩල සාමාජික - පත්කළ සාමාජික
  • ජාතික සමුපකාර සංවර්ධන ආයතනය, පොල්ගොල්ල

  • එස්.පී.එච්.පෙරේරා මිය - (නිල බලයෙන්)
  • නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍යංශය

අධ්‍යයන මණ්ඩලය

  • වී.පී.කේ. පිලපිටිය මහත්මිය - අධ්‍යයන මණ්ඩල සභාපති
  • අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරි ජාතික සමුපකාර සංවර්ධන ආයතනය, පොල්ගොල්ල.

  • මහාචාර්ය, ආර්.පී.අයි.ආර්. ප්‍රසන්න මහතා - අධ්‍යයන මණ්ඩල සාමාජික
  • ආර්ථික විද්‍යා අධ්‍යනාංශය, ශාස්ත පීඨය, රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලය

  • ඩබ්.වී.ඩී.එස්.එම්. වරකාගොඩ මහතා - අධ්‍යයන මණ්ඩල සාමාජික
  • නියෝජ්‍ය විභාග කොමසාරිස් (තක්සේරු ප්‍රතිසංස්කරණ සහ ඇගයීම්) විභාග දෙපාර්තමේන්තුව, පැලවත්ත, බත්තරමුල්ල.

  • චන්දන ෆොන්සේකා මහතා - අධ්‍යයන මණ්ඩල සාමාජික
  • වැඩබලන සහකාර කොමසාරිස් (නීති) සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ සමිති රෙජිස්ට්‍රාර් (මධ්‍යම රජය) වෙනුවට සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, අංක 330, යුනියන් පෙදෙස, කොළඹ 02