ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

පාඨමාලා විස්තර

මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ න්‍යායන් හා භාවිතය පිළිබඳ නව දැනුම හා අවබෝධය වර්ධනය කිරීම මානව සම්පත් කළමනාකරණය සඳහා අදාල නෛතික මූලාශ්‍ර, චක්‍රලේඛ හා අණපනත් පිළිබඳ අවබෝධය ලබා දීම සමුපකාර සංවිධානවල මානව සම්පත් කළමනාකරුවකුගේ වෘත්තීය කුසලතාවය වර්ධනය කිරීම සමුපකාර සමිතියක මානව සම්පත් කළමනාකරණ මුලිකාංග නිවැරදිව හා විධිමත්ව ප්‍රායෝගික භාවිතයේ යොදාගත හැකි ආකාරය හදුන්වාදීම

කාලය : 1 Year

ඉලක්ක කණ්ඩායම : 1. සමුපකාර සංවර්ධන නිළධාරීන්. 2. සමුපකාර සමිතිවල සේවයේ නියුතු සාමාන්‍යාධිකාරීන්, පිරිස්/මානව සම්පත් කළමනාකරුවන්, ලේකම්,පුහුණු හා මහජන සම්බන්ධතා නිළධාරීන් හා මානව සම්පත් කටයුතු වලට සම්බන්ධ වෙනත් නිළධාරීන්. 3. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකර ඇති අනෙකුත් සමුපකාර සමිතිවල මානව සම්පත් කළමනාකරණයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්, කළමනාකරුවන්, සහකාර කළමනාකරුවන් හා මානව සම්පත් කටයුතුවලට සම්බන්ධ වෙනත් නිළධාරීන්. සමුපකාර සමිතිවල මානව සම්පත් කළමනාකරුවන්/ පිරිස් කළමනාකරුවන් / මහජන සම්බන්ධතා හා පුහුණු නිළධාරීන් සමුපකාර (උ/පෙළ) විභාගය සමතුන් සහ අ.පො.ස. (උ/පෙළ) සමත් රැකියා අපේක්ෂකයින්