ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

පාඨමාලා විස්තර

විගණන ඩිප්ලෝමා පාඨමාලාව

ව්‍යාපාර යහපාලනය අගය කරන ප්‍රධාන නිර්නායකයක් ලෙස විගණනයේ අවශ්‍යතාවය හා වැදගත්කම පිළිබඳ පුහුණුලාභින්ට න්‍යායාත්මක හා ප්‍රායෝගික අවබෝධයක් ලබාදීම. මුල්‍ය ප්‍රකාශන විගණනය සඳහා විගණකවරයෙකුට අවශ්‍ය පරිචයන් පුහුණුලාභින්ට ලබාදීම නව ශ්‍රී ලංකා විගණන ප්‍රමිතින්ට අනුකූලව සමුපකාර සංවිධානවල විගණන ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරිම පිළිබඳ අවබෝධයක් පුහුණුලාභින්ට ලබාදීම. නිත්‍යානුකූල ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන් අනුව විගණන වාර්තාවක් සකස් කරන ආකාරය පිළිබඳ පුහුණුලාභින්ට අවබෝධයක් ලබාදීම.

කාලය : 1 Year

ඉලක්ක කණ්ඩායම : 1.සමුපකාර සමිතිවල විගණන කටයුතුවල නිරත සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් 2. සමුපකාර සමිතිවල සේවයේ නියුතු අභ්‍යන්තර විගණක නිළධාරීන්/විගණක සහාය නිළධාරීන් 3.රාජ්‍ය හා වෙනත් ආයතනවල සේවයේ නියුතු විගණක/අභ්‍යන්තර විගණක නිළධාරීන්