දේශිය සහ විදේශ රටවල වයස්ගත ජනසංඛ්‍යාව වේගයෙන් වැඩිවීම හේතුවෙන් රජයේ ප්‍රමුඛ පුහුණු ආයතනයක් වන ජාතික සමුපකාර සංවර්ධන ආයතනය විසින් කාර්යශීලීත්වය සහ වෘත්තීය නිපුණතා ගොඩනැංවීමට ජාතික හා ජාත්‍යන්තරව වෘත්තීමය ඉතා ඉහළ ඉල්ලුමක් පවතින NVQ සහතිකය මත පදනම් වූ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවක් ලබා දීමට මෙම NVQ 4 - සාත්තු සේවා පුහුණු වැඩසටහන නිර්මාණය කර ඇත.
ඉලක්ක කණ්ඩායම : පාසල් අධ්‍යාපනය අවසන් කර ඇති පුද්ගලයින් රැකියාවක් නොමැති තරුණ තරුණියන් දේශීය හා විදේශීය ස්ථාවර රැකියාවක් බලාපොරොත්තු වන්නන් සාත්තු සේවා ක්ෂේත්‍රයට උනන්දුවක් ඇති අය වයස 18 – 50 අතර (ශ්‍රි ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කළ හැක)