ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

NICD පරිගණක විද්‍යාගාර


ජාතික සමූපකාර සංවර්ධන ආයතනික තොරතුරු තාක්ෂණ අංශය මධ්‍යම පලාත තුල පිහිටි රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ හොඳම පරිගණක මධ්‍යස්ථානයකි.
අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක පරිගණක ඒකකය සමුපකාර ක්ෂේත්‍රයේ විද්‍යාර්ථයින් ඉලක්ක කර පවත්වනු ලබන පාඨමාලාවන් වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රධාන පරිශ්‍රයේ පරිගණක මධ්‍යස්ථානයේ පරිගණක 24ක් වෙන් කර අධ්‍යයන අවස්ථාව ලබා දී ඇත.
පාසල් අධ්‍යාපනයේ නිරත හා පාසල් අධ්‍යාපනය අවසන් කර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වීමට අපේක්ෂාවෙන් උසස් පාඨමාලාවන් සොයන දරුවන් වෙනුවෙන් වු පාඨමාලාවන් මෙහෙයවන හා වෘත්තීය පාඨමාලාවන්ගේ තොරතරු තාක්ෂණ විෂයයන් ආවරණය කරනු ලබන බහුකාර්යය ගොඩනැගිල්ලේ ස්ථාපිත තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ දී පරිගණක 55ක් ශිෂ්‍ය ප්‍රයෝජන වෙනුවෙන් යොදවා ඇත.