වායුසමනය කල හා නොකල කාමර සමග තනි හා ද්විත්ව කාමර පහසුකම් සහිතව එකවර නේවාසිකයින් 222 දෙනෙකු සඳහා නේවාසික පහසුකම් සැපයිය හැකි නේවාසිකාගාර 07ක් ආයතනය සතු වේ. නේවාසිකාගාර පහසුකම්වලට අමතරව සමුපකාර අංශයේ, රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ පුද්ගලයින් වෙත නවාතැන් පහසුකම් ලබා ගැනීම සඳහා අංග සම්පුර්ණ නිවාඩු නිකේතනයක් ද නේවාසික අංශය සතු වේ.
රත්නායක නේවාසිකාගාරය
මෙම නේවාසිකාගාරය සම්පූර්ණයෙන් වායු සමනය කරන ලද ද්විත්ව කාමර 12කින් සමන්විත වන අතර එයින් නාන කාමර සහිත කාමර 08ක් හා පොදු නාන කාමර සහිත කාමර 4ක් වේ. මෙම සමස්ත නේවාසිකාගාරයේම එකවර පුද්ගලයින් 22ක් සඳහා නේවාසික පහසුකම් පවතී.
නව රත්නායක නේවාසිකාගාරය
සම්පූර්ණයෙන්ම වායු සමනය කරන ලද මෙම නේවාසිකාගාරය ද්විත්ව කාමර 4කින් හා තනි කාමර 16කින් සමන්විත වන අතර මෙහි සෑම කාමරයක් සඳහාම නාන කාමර පහසුකම් සහිත වේ. මෙම සමස්ත නේවාසිකාගාරයේම එකවර පුද්ගලයින් 24 දෙනෙකු සඳහා නවාතැන් පහසුකම් ලබා ගත හැක.
රත්නායක නිවාසය
මෙහි නිවාස දෙකකින් සමන්විත වන අතර එක් නිවාසයක කාමර 03 බැගින් හා නාන කාමර සහිතව නිවාස දෙකෙහිම පුද්ගලයින් 14 දෙනෙකු සඳහා නවාතැන් පහසුකම් ලබා ගත හැක.
D/E/F/G නේවාසිකාගාර
නේවාසිකාගාර ගොඩනැගිලි 04ක් තුල ද්විත්ත්ව කාමර 72කින් සමන්විත වන මෙම නේවාසිකාගාරය එකවර පුද්ගලයින් 144 දෙනෙකු සඳහා නේවාසික පහසුකම් සැලසිය හැකි වේ. එක් එක් නේවාසිකාගාරයට වෙන් වු පොදු නාන කාමර සමන්විත වේ.
H නේවාසිකාගාරය
මෙම නේවාසිකාගාරය ත්‍රිත්ව කාමර 06කින් හා පොදු නාන කාමරයකින් සමන්විත වන අතර පුද්ගලයින් 18 දෙනෙකු සඳහා එකවර නවාතැන් පහසුකම් ලබා ගත හැකි වේ.