ඓතිහාසික දළඳා මාළිඟයට කිලෝමීටර 08ක් පමණ දුර සිට පහසුවෙන් ලඟාවිය හැකි මහනුවර - මඩවල හරහා වත්තේගම මාර්ගයේ මහවැලි හැරවුම් වේල්ල ආසන්නයේ හා මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරය ආසන්නයේ මෙම නිවාඩු නිකේතනය පිහිටා ඇත.
වායු සමනය කල ප්‍රධාන නිදන කාමර යුගලයකින් (Master Bed Room) හා ද්විත්ව කාමර (Double Room – with Single Bed) දෙකකින් ද සුඛෝපභෝගි සෝෆා හා කෑම මේසය සහිත වායු සමනය කල ආලින්දයකින් ද යුක්තය.
දුම්බර නිම්නයේ නිරතුරුවම පවතින සෞම්‍ය දේශගුණය හා නිවාඩු නිකේතනය හාත්පසම පවතින විවෘත නිදහස් හරිත නිම්න නිහඩියාව ගත පීඩා දුරලා පවුලේ සමීපතයන් සමඟ කාලය ගත කල හැකි පරිදි රමණීයව සකසා ඇත.