ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

NICD ශ්‍රව්‍ය දෘශ්‍ය අංශය


සමුපකාර විෂයය පිළිබඳව පවත්වන විවිධ පාඨමාලා සහ බාහිර ආයතන මගින් පවත්වන වැඩසටහන් සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම් සැපයීම මෙම අංශය මගින් සිදු කෙරේ. දේශන ශාලා සඳහා ශිර්ෂ ප්‍රක්ෂේපන යන්ත්‍ර, මල්ටිමීඩියා යන්ත්‍ර, ශ්‍රව්‍ය උපකරණ ආදී තාක්ෂණ ක්‍රම භාවිතා කිරීමට පහසුකම් සලසා දෙනු ලබයි. තව ද “විඩීයෝකරණය” යොදා ගනිමින් කෙරෙන “ මයික්‍රෝ ටීචින්ග්” තාක්ෂණ ක්‍රමය භාවිතයට පහසුකම් මෙම අංශයෙන් ලබා ගත හැකි අතර විඩීයෝ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ පහසුකම් ද සලසා ගත හැක. සමූපකාර ක්ෂේත්‍රයට අදාළව පැවතෙන විවිධ වැඩසටහන්වල සහ උත්සවවල විශේෂ අවස්ථා ඇතුළත් ඡායාරූප ගොනු එකතුවක් පවත්වාගෙන යාම ද මෙම අංශයේ තවත් සේවාවකි.