ව්‍යාපාරික වෙළෙඳපොල තුළ පවතින දැඩි තරඟකාරීත්වය හමුවේ ව්‍යාපාරයේ ලාභ කොටස උපරිමකර ගැනීමට නම් තෘප්තිමත් පාරිභෝගිකයින් පිරිසක් ව්‍යාපාරය වටා එක් වී සිටිය යුතුය. ආයතනික සමාජ වගකීම් හා පාරිභෝගික තෘප්තිය පිළිබඳව සිදුකෙරුණු පර්යේෂණවල පැවැති පරතරය නිසා සීමාසහිත කිණිගොඩ කෝරළයේ සමුපකාර ඉඩම් උගස් බැංකුව පාදක කරගනිමින් ආයතනික සමාජ වගකීම් පාරිභෝගික තෘප්තිය කෙරෙහි ඇතිකරන බලපෑම පිළිබඳ අධ්‍යනය කිරිම මෙම පර්යේෂණයේ මුලික අරමුණ විය. මෙහිදී, ආයතන සමාජ වගකීම් යන්න ස්වායත්ත විචල්‍යයක් ලෙස හඳුනා ගන්නා ලද අතර පාරිභෝගික තෘප්තිය පරායත්ත විචල්‍ය ලෙස හඳුනාගන්නා ලදි. ආයතන සමාජ වගකීම් යන්න ස්වේච්ඡා වගකීම, නීතිමය වගකීම, ආයතනික ප්‍රතිරූපය හා පාරිභෝගික පක්ෂපාතීත්වය යන උප කොටස් තුනකින් හඳුනාගන්නා ලදි. ආයතන සමාජ වගකීම් නියෝජනය කරන ලදි. එලෙසම, බැංකුවේ සාමාජික ගණුදෙනුකරුවන් අතරින් 100 දෙනෙකුගෙන් යුතු නියැඳියක් අහඹු ලෙස තෝරාගන්නා ලදී. දත්ත එකතු කිරිම සඳහා ප්‍රමිතිගත ප්‍රශ්නාවලියක් භාවිතාකරන ලදි. ද්විතීයික දත්ත සඳහා බැංකුවේ අතුරු ව්‍යවස්ථාව, කාරක නියෝග මාලාව, ව්‍යවස්ථාපිත විගණන වාර්තා හා වෙනත් ප්‍රකාශන උපයෝගීකර ගන්නා ලදි. දත්ත විශ්ලේෂණයට අනුව ආයතනික ස්වේච්ඡා වගකීම්, නීතිමය වගකීම්, ආයතනික ප්‍රතිරූපය සහ පාරිභෝගික පක්ෂපාතීත්වය යන සාධක සමස්තයක් ලෙස ගත්කල ආයතනික සමාජ වගකීම් තීරණය කිරීම කෙරෙහි බලපාන බව අනාවරණය විය. ආයතනික සමාජ වගකීම කෙරෙහි බලපානු ලබන වෙනත් සාධක පිළිබඳව සලකාබලා පර්යේෂණය පුළුල් කිරිමට අනාගත පර්යේෂකයන්ට නිර්දේශ කරන ලදි.
ආයතනික සමාජ වගකීම්, පාරිභෝගික තෘප්තිය, තරඟකාරීත්වය, ලාභය.
විජේසිංහ, නු., & මාතොටආරච්ච්, ක. (2023). සමුපකාර මූල්‍යායතනයක සාමාජීය වගකීම හා පාරිභෝගික තෘප්තිය අතර ඇති සම්බන්ධතාවය: සීමාසහිත කිණිගොඩ කෝරළයේ සමුපකාර ඉඩම් උගස් බැංකුව ආශ්‍රිත සිද්ධි අධ්‍යයනය. ශ්‍රී ලංකා සමුපකාර අධ්‍යයන සඟරාව, 2(2), 39-76.