தேசிய கூட்டுறவு மேம்பாட்டுக் கழகத்தின் அதிகாரப்பூர்வ இணையதளத்திற்கு வரவேற்கிறோம்...

ஆய்வுக் கட்டுரைகளின் விவரங்கள்

துண்டு பிரசுரங்கள் : සමුපකාර ග්‍රාමීය බැංකු විසින් ණය නිකුත් කිරිමේ ක්‍රියාවලිය ණය අකාර්ය වීම කෙරෙහි සිදු කරනු ලබන බලපෑම


சுருக்கம் :

සාමාජිකත්වයට ණය සැපයීම උදෙසා 2016 අංක 06 දරණ ක්ෂුද්‍ර මුල්‍ය පනත මඟින් සමුපකාර ව්‍යාපාරයට ණය නිකුත් කිරිමේ බලය ලැබී ඇත. නමුත්, බහුතරයක් සමුපකාර ග්‍රාමීය බැංකු හා සණස සමිති වලින් සාමාජික ප්‍රජාව වෙත නිකුත් කර ඇති ණය අකාර්ය වීම (කල්පසු) ප්‍රධාන ගැටළුවක් බවට පත්වී ඇත. සමුපකාර ග්‍රාමීය බැංකු විසින් ණය නිකුත් කිරිමේ ක්‍රියාවලිය ණය අකාර්යවීම කෙරෙහි සිදු කරනු ලබන බලපෑම විමසා බැලීම මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වේ. මහනුවර දිස්ත්‍රික්කයේ ගඟසිරිපුර කලාපයේ පිහිටි සී/ස ගම්පොල විවිධ සේවා සමුපකාර සමිතිය සහ ගඟ ඉහල කෝරලේ විවිධ සේවා සමුපකාර සමිති බල ප්‍රදේශ වලට අයත් ග්‍රාමීය බැංකු 30 කට අයත් ණය නිළධාරින් 84 දෙනෙක් සම්බන්ධ කරගනිමින් පර්යේෂණය දියත් කරන ලදි. සාහිත්‍යය විමර්ශනය මඟින් පර්යේෂකයා ණයකරුවන්ගේ ඉතිහාසය, ප්‍රාග්ධනය, ණය මුදල, ණය ගැනීමේ වාර ගණන, ණය ප්‍රතිලේඛන ගත කිරීම, ක්ෂුද්‍ර මුල්‍ය ක්‍රමවේදය පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කරන ලදි. ඒ අනුව, ණය තක්සේරු ක්‍රියාවලිය විධිමත් නොවීම නිසා අකාර්ය ණය ප්‍රමාණය වැඩි වන බව සාහිත්‍යය විමර්ශනයේදී අනාවරණය විය. එම දත්ත මත එය තක්සේරු ක්‍රියාවලියට බලපාන උපසාධක ලෙස ඉතිහාසය, ප්‍රාග්ධනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ආදායම් මට්ටම, ණය මුදල හා ණය ගෙවීමේ වාර ගණන හඳුනා ගන්නා ලදි. ණය අක්‍රීය වීමට සහ මුල්‍ය තිරසාර බවට බලපාන උපසාධක ලෙස බොල්ණය, කල්පසු ණය වාරික ප්‍රමාද වී ගෙවීම, ණය ප්‍රතිලේඛනගත කිරිම, ද්‍රවශිලතාවය අඩුවීම හා ආදායම අඩුවීම ලෙස හඳුනාගන්නා ලදි. සාහිත්‍යය විමර්ශනයේදී සොයාගත් කරුණු මත පර්යේෂකයා විසින් උපන්‍යාසය 06 ක් ගොඩනඟා ගත් අතර ඒ්වා අනුපිළිවෙලින් පහත පරිදි දැක්විය හැක. ණයකරුවන්ගේ ඉතිහාසය පිළිබඳ කරුණු විමසීමක් නොකිරීම ණය අකාර්ය වීමට ධනාත්මකව බලපායි. (H1), ණයකරුවන්ගේ ප්‍රාග්ධනය පිළිබඳව අධ්‍යයනය නොකර ණය ප්‍රදානය කිරීම නිසා ණය අකාර්ය වීමට ධනාත්මකව බලපානු ලබයි. (H2), ණයකරුවන්ගේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය සම්බන්ධව අධ්‍යයනය නොකර ණය ප්‍රදානය කිරීම ණය අකාර්ය වීමට ධනාත්මකව බලපායි. (H3) ණය කරුවන්ගේ ආදායම් මට්ටම පිළිබඳ අධ්‍යයනය නොකර ණය ප්‍රදානය කිරීම ණය අකාර්ය වීමට ධනාත්මකව බලපානු ලබයි. (H4), ණයකරුවන් වෙත ප්‍රදානය කළයුතු ණය මුදලේ ප්‍රමාණය තීරණය නොකර ණය ප්‍රදානය කිරීම ණය අකාර්ය වීමට ධනාත්මකව බලපායි. (H5) ණය තක්සේරු කරන සමස්ථ ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනය නොකර ණය ප්‍රදානය කිරිම ණය අකාර්ය වීමට ධනාත්මකව බලපානු ලබයි. (H6). මෙම පර්යේෂණය ක්ෂේත්‍ර අධ්‍යයන සැලැස්මක් මත සිදු කරනු ලැබු ගවේෂණාත්මක අධ්‍යයනයකි. අධ්‍යනය සඳහා සී/ස ගම්පොල විවිධ සේව සමුපකාර සමිතිය, සී/ස ගඟ ඉහල කෝරලේ විවිධ සේවා සමුපකාර සමිතිය, සී/ස නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිති බල ප්‍රදේශවල පිහිටා ඇති ග්‍රාමීය බැංකු 30 ක් තෝරා ගන්නා ලදි. සංගණනය ග්‍රාමීය බැංකු ශාඛා 30 ක සේවයේ යෙදී සිටින බැංකු කළමනාකරුවන්, කළමනාකරණ සහයකයන්, කාර්යාල සහයකයන්ගෙන් සමන්විත වේ. නියැඳිය ලබාගැනිමේදී පොකුරු නියැඳි ක්‍රමය භාවිතා කරන ලද අතර බැංකු කළමනාකරුවන් 30 ක් නියැඳිය සඳහා තෝරා ගන්නා ලදි. පර්යේෂක විසින් සංකල්පීය රාමුව ගොඩනඟනු ලැබු අතර, එහි පරායත්ත විචල්‍යය ලෙස මුල්‍ය තිරසාර බව හඳුනා ගන්නා ලදි. ස්වායත්ත විචල්‍යය ලෙස ණය තක්සේරු ක්‍රියාවලිය හඳුනාගන්නා ලද අතර, එහි උප විචල්‍යයන් ලෙස ඉතිහාසය, ප්‍රාග්ධනය, ණය මුදල්, ආදායම් මට්ටම, මුදල් ප්‍රමාණය සහ ණය ගැනීමේ වාර ගණන සලකා බලන ලදි. දත්ත විශ්ලේෂණයේදී තෝරාගත් නියැඳියෙන් 68% ක් ස්ත්‍රින්ද , 32% ක් පුරුෂ ද බව අනාවරණය විය. තවදුරටත්, නියැඳියෙන් 68% ක් විවාහක පුද්ගලයින්ද, 32% ක් අවිවාහක පුද්ගලයින් බව අනාවරණය විය. තවදුරටත්, විශ්ලේෂණය කිරිමේදී නියැඳියෙන් 48% ක් වයස අවුරුදු 20-30 අතර, පුද්ගලයන්ද 52% ක් වයස අවුරුදු 40-60 අතර, පසුවන බව හෙලිදරව් විය. සේවා කාලය අවුරුදු 1-10 අතර 28% ක් ද අවුරුදු 11-20 අතර, 36% ක්ද නියැඳිය තුල සිටී. නියැඳියේ මාසික ආදායම සලකා බලන කළ මාසික ආදායම රු.25,000 අඩු පුද්ගලයින් 13 ද (52%) රු.25,000/- ට වැඩි පුද්ගලයින් 12 (48%) ද සිටින බව අනාවරණය විය. දත්තවල විශ්වාසනීය බව cronbachs alpha සංගුණය මඟින් ගණනය කරනු ලැබු අතර, සියළුම අයිතම සඳහා අගය 0.7 වඩා වැඩි අගයන් ලැබී තිබුණි. ඒ් අනුව, දත්ත විශ්වාසදායී ලෙස විශ්ලේෂණය කළහැකි බව තහවුරු විය. විචල්‍යයන් අතර, සහ-සම්බන්ධතාවය පියර්සන් සහසම්බන්ධතාවයෙන් මිණුම් කරනු ලැබු අතර, සියළු ස්වායත්ත විචල්‍යයන් පරායත්ත විචල්‍යයට සහසම්බන්ධතාවයක් දක්වන බව සාධනය විය. ඉහත දත්ත විශ්ලේෂණය මඟින් සංකල්පනාත්මක රාමුව මඟින් ගොඩනඟා ඇති උපන්‍යාසයන් එනම්, ණය තක්සේරු ක්‍රියාවලිය නිවැරදි නොවන නිසා එය ණය ආකාර්ය වීමට සෘජුවම බලපාන බව තහවුරු විය. එම නිසා අහිතකර ණය ප්‍රතිශතය වැඩිවීම නිසා පොලී ආදායම අඩුවිම තුලින් මුල්‍ය තිරසාරභාවය එනම්, කාරක ප්‍රාග්ධනය ඌන වීම සහ ද්‍රවශිලතාවය හීනවන බව ප්‍රකාශ කළ හැක. අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව පර්යේෂක විසින් පහත නිර්දේශ ලබාදෙනු ඇත. ණය අවශ්‍යතාවය අනුව ණය වර්ග කිරීම, ආපසු ගෙවන කාලය අනුව ණය වර්ග කිරීම ණය නිකුත් කිරිම පියවර ක්‍රමයට සිදු කිරීම ඒ අතුරින් ප්‍රමුඛ වේ. ඉදිරි පර්යේෂණ සඳහා නියැඳිය වැඩිකර පළාත් කිහිපයක මෙම අධ්‍යයනය සිදු කිරීමට පර්යේෂක නිර්දේශ කරයි.


முக்கிய வார்த்தைகள் :

ණය ක්‍රියාවලිය, තක්සේරු ක්‍රියාවලිය,අකාර්ය ණය, මුල්‍ය තිරසාර බව


மேற்கோள் :

කුමාර, එ., & මුදන්නායක, එ. (2022). සමුපකාර ග්‍රාමීය බැංකු විසින් ණය නිකුත් කිරිමේ ක්‍රියාවලිය ණය අකාර්ය වීම කෙ‍ෙරහි සිදු කරනු ලබන බලපෑම. ශ්‍රි ලංකා සමුපකාර අධ්‍යන සඟරාව, 2(1), 86-102.


வெளியிடப்பட்ட தேதி : 2022-09-01

Pdf ஐ பதிவிறக்கவும்

எழுத்துக்கள்


  • Service Quality, Transaction Cost and Customer satisfaction of the Customers of Co-operative Rural Banks in Kandy, Sri Lanka.

  • The Impact of Co-operative Marketing Mix Practices on Customer Loyalty in Co-op Cities of Central Province in Sri Lanka.

  • Factors behind the Success of Rideegama Multipurpose Co-operative Society: A Qualitative Exploration.

  • විවිධ සේවා සමුපකාර සමිතියක භෞතික හා මානව සම්පත් උපයෝජනය පිළිබඳ පර්යේෂණාත්මක සිද්ධි අධ්‍යනය (සීමා සහිත නා උල විවිධ සේවා සමුපකාර සමිතිය ඇසුරින්)

  • සංවිධානවල සේවක ප්‍රතිලාභ ක්‍රමවේදය සේවක රැකියා කැපවීමට බලපානු ලබන ආකාරය : මධ්‍යම පළාතේ විවිධ සේවා සමුපකාර සමිතිවල ග්‍රාමීය බැංකු කළමනාකරුවන් ඇසුරින්

  • ග්‍රාමීය සමුපකාර සමිති නියෝජනය කරන සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් සැලසුම් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු පිළිබඳ අධ්‍යනය.

  • සමුපකාර ග්‍රාමීය බැංකු විසින් ණය නිකුත් කිරිමේ ක්‍රියාවලිය ණය අකාර්ය වීම කෙරෙහි සිදු කරනු ලබන බලපෑම

  • The Impact of Emotional Intelligence for Job Satisfaction with Special Reference to Non- Executive Workers in ALS (Pvt) Ltd: A lesson to Co-operative Societies.

  • Online Classroom Experience: A Study based on the National Institute of Co-operative Development during the period of Covid 19 Pandemic.

  • සමුපකාර මුල්‍යායතනයක සමාජීය වගකීම හා පාරිභෝගික තෘප්තිය අතර ඇති සම්බන්ධතාවය, සීමාසහිත කිණිගොඩ කෝරළයේ සමුපකාර ඉඩම් උගස් බැංකුව ආශ්‍රිත සිද්ධි අධ්‍යනය

  • Financial inclusion on microfinance credits for poverty alleviation in Sri Lanka during the post-liberalization era. A desk exploration

  • The role of Co-operative Law in promoting environmental Sustainability in Sri Lanka: A Critical Review.

  • විවිධ සේවා සමුපකාර සමිති අකාර්යක්ෂමතාවයට තීරණ ගැනීමේ ක්‍රියාවලිය දක්වනු ලබන දායකත්වය පිළිබඳ අධ්‍යනය. (ඌව පලාත් විවිධ සේවා සමුපකාර සමිති ආශ්‍රයෙන්)

  • Food Security in Sri Lankan Consumer Cooperatives. An Explorative Review.

  • The Global Co-operative Movement in the Age of Automation and AI

  • A Study on the Revitalization of Indias, Cooperative Movement through the Initiatives of the Ministry of Cooperation