විවිධ සේවා සමුපකාර සමිතියක භෞතික හා මානව සම්පත් උපයෝජනය කිරීම පිළිබඳව පරික්ෂා කිරීම මෙම පර්යේෂණයේ දී සිදුකර ඇත. පර්යේෂණය සිදුකර ඇත්තේ පුළුල් අධ්‍යයන ක්ෂේත්‍රයක් මත සිට නොව පටු භූගෝලීය කලාපයක් කේන්ද්‍රගතවයි. අධ්‍යයනයේ දී සහභාගීත්ව නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා හා වෘත්තීය අත්දැකීම් ද උපයෝගී කරගෙන ඇත. සාහිත්‍යය විමර්ෂණය මඟින් ආර්ථිකය තුළ ඇති සම්පත් හඳුනාගැනීමත් එම සම්පත් සමුපකාර ව්‍යාපාරය තුළ උපයෝජනය වන ආකාරයත් හඳුනාගෙන ඇත. දත්ත විශ්ලේෂණය ඔස්සේ විවිධ සේවා සමුපකාර සමිති සතු සම්පත් හඳුනාගැනීමත්, එම සම්පත් සමුපකාර ව්‍යාපාරය තුළ දැනට උපයෝජනය කරන ආකාරය නිවැරදි ද යන්නත් පිළිබඳව විශ්ලේෂණය කිරීමත් සිදුකර ඇත. මෙම දත්ත විශ්ලේෂණය මඟින් නිගමනය වන්නේ විවිධ සේවා සමුපකාර සමිති තමන් සතු භෞතික හා මානව සම්පත් උපයෝජනය සමිතිවල ඵලදායීතාවය හා තිරසාර සංවර්ධනය ඇතිවන ආකාරයට සිදුනොවන බවයි. කාලය, මෙම පර්යේෂණයේ දී ප්‍රධාන වශයෙන් සීමා වු අතර සමුපකාර ව්‍යාපාරය තුල තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට ඉවහල් වන ප්‍රතිපත්තිමය ගම්‍යවීම් කිහිපයක් ද පර්යේෂණය තුළින් හඳුනාගෙන සටහන් කර ඇත. ඒ අතුරින් නව්‍යතා බිහිකිරීම, නව ව්‍යාපෘති ආරම්භ කිරීම, ප්‍රතිචක්‍රීකරණයට හුරුවීම, මානව සම්පත පුහුණු කිරීම, ආකර්ෂණීය මිල ක්‍රම හඳුන්වා දීම, නව තාක්ෂණය භාවිතා කිරීම වැනි කරුණු දැක්විය හැක.
භෞතික සම්පත්, මානව සම්පත්, කාර්යක්ෂමතාවය
බෝධිපක්ෂ, ආ., & හේරත්, ආ. (2022). විවිධ සේවා සමුපකාර සමිතියක භෞතික හා මානව සම්පත් උපයෝජනය පිළිබඳ පර්යේෂණාත්මක සිද්ධි අධයනය. ශ්‍රි ලංකා සමුපකාර අධ්‍යන සඟරාව, 2(1), 43-58.