தேசிய கூட்டுறவு மேம்பாட்டுக் கழகத்தின் அதிகாரப்பூர்வ இணையதளத்திற்கு வரவேற்கிறோம்...

ஆய்வுக் கட்டுரைகளின் விவரங்கள்

துண்டு பிரசுரங்கள் : සමුපකාර මුල්‍යායතනයක සමාජීය වගකීම හා පාරිභෝගික තෘප්තිය අතර ඇති සම්බන්ධතාවය, සීමාසහිත කිණිගොඩ කෝරළයේ සමුපකාර ඉඩම් උගස් බැංකුව ආශ්‍රිත සිද්ධි අධ්‍යනය


சுருக்கம் :

ව්‍යාපාරික වෙළෙඳපොල තුළ පවතින දැඩි තරඟකාරීත්වය හමුවේ ව්‍යාපාරයේ ලාභ කොටස උපරිමකර ගැනීමට නම් තෘප්තිමත් පාරිභෝගිකයින් පිරිසක් ව්‍යාපාරය වටා එක් වී සිටිය යුතුය. ආයතනික සමාජ වගකීම් හා පාරිභෝගික තෘප්තිය පිළිබඳව සිදුකෙරුණු පර්යේෂණවල පැවැති පරතරය නිසා සීමාසහිත කිණිගොඩ කෝරළයේ සමුපකාර ඉඩම් උගස් බැංකුව පාදක කරගනිමින් ආයතනික සමාජ වගකීම් පාරිභෝගික තෘප්තිය කෙරෙහි ඇතිකරන බලපෑම පිළිබඳ අධ්‍යනය කිරිම මෙම පර්යේෂණයේ මුලික අරමුණ විය. මෙහිදී, ආයතන සමාජ වගකීම් යන්න ස්වායත්ත විචල්‍යයක් ලෙස හඳුනා ගන්නා ලද අතර පාරිභෝගික තෘප්තිය පරායත්ත විචල්‍ය ලෙස හඳුනාගන්නා ලදි. ආයතන සමාජ වගකීම් යන්න ස්වේච්ඡා වගකීම, නීතිමය වගකීම, ආයතනික ප්‍රතිරූපය හා පාරිභෝගික පක්ෂපාතීත්වය යන උප කොටස් තුනකින් හඳුනාගන්නා ලදි. ආයතන සමාජ වගකීම් නියෝජනය කරන ලදි. එලෙසම, බැංකුවේ සාමාජික ගණුදෙනුකරුවන් අතරින් 100 දෙනෙකුගෙන් යුතු නියැඳියක් අහඹු ලෙස තෝරාගන්නා ලදී. දත්ත එකතු කිරිම සඳහා ප්‍රමිතිගත ප්‍රශ්නාවලියක් භාවිතාකරන ලදි. ද්විතීයික දත්ත සඳහා බැංකුවේ අතුරු ව්‍යවස්ථාව, කාරක නියෝග මාලාව, ව්‍යවස්ථාපිත විගණන වාර්තා හා වෙනත් ප්‍රකාශන උපයෝගීකර ගන්නා ලදි. දත්ත විශ්ලේෂණයට අනුව ආයතනික ස්වේච්ඡා වගකීම්, නීතිමය වගකීම්, ආයතනික ප්‍රතිරූපය සහ පාරිභෝගික පක්ෂපාතීත්වය යන සාධක සමස්තයක් ලෙස ගත්කල ආයතනික සමාජ වගකීම් තීරණය කිරීම කෙරෙහි බලපාන බව අනාවරණය විය. ආයතනික සමාජ වගකීම කෙරෙහි බලපානු ලබන වෙනත් සාධක පිළිබඳව සලකාබලා පර්යේෂණය පුළුල් කිරිමට අනාගත පර්යේෂකයන්ට නිර්දේශ කරන ලදි.


முக்கிய வார்த்தைகள் :

ආයතනික සමාජ වගකීම්, පාරිභෝගික තෘප්තිය, තරඟකාරීත්වය, ලාභය.


மேற்கோள் :

විජේසිංහ, නු., & මාතොටආරච්ච්, ක. (2023). සමුපකාර මූල්‍යායතනයක සාමාජීය වගකීම හා පාරිභෝගික තෘප්තිය අතර ඇති සම්බන්ධතාවය: සීමාසහිත කිණිගොඩ කෝරළයේ සමුපකාර ඉඩම් උගස් බැංකුව ආශ්‍රිත සිද්ධි අධ්‍යයනය. ශ්‍රී ලංකා සමුපකාර අධ්‍යයන සඟරාව, 2(2), 39-76.


வெளியிடப்பட்ட தேதி : 2023-11-30

Pdf ஐ பதிவிறக்கவும்

எழுத்துக்கள்


  • Service Quality, Transaction Cost and Customer satisfaction of the Customers of Co-operative Rural Banks in Kandy, Sri Lanka.

  • The Impact of Co-operative Marketing Mix Practices on Customer Loyalty in Co-op Cities of Central Province in Sri Lanka.

  • Factors behind the Success of Rideegama Multipurpose Co-operative Society: A Qualitative Exploration.

  • විවිධ සේවා සමුපකාර සමිතියක භෞතික හා මානව සම්පත් උපයෝජනය පිළිබඳ පර්යේෂණාත්මක සිද්ධි අධ්‍යනය (සීමා සහිත නා උල විවිධ සේවා සමුපකාර සමිතිය ඇසුරින්)

  • සංවිධානවල සේවක ප්‍රතිලාභ ක්‍රමවේදය සේවක රැකියා කැපවීමට බලපානු ලබන ආකාරය : මධ්‍යම පළාතේ විවිධ සේවා සමුපකාර සමිතිවල ග්‍රාමීය බැංකු කළමනාකරුවන් ඇසුරින්

  • ග්‍රාමීය සමුපකාර සමිති නියෝජනය කරන සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් සැලසුම් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු පිළිබඳ අධ්‍යනය.

  • සමුපකාර ග්‍රාමීය බැංකු විසින් ණය නිකුත් කිරිමේ ක්‍රියාවලිය ණය අකාර්ය වීම කෙරෙහි සිදු කරනු ලබන බලපෑම

  • The Impact of Emotional Intelligence for Job Satisfaction with Special Reference to Non- Executive Workers in ALS (Pvt) Ltd: A lesson to Co-operative Societies.

  • Online Classroom Experience: A Study based on the National Institute of Co-operative Development during the period of Covid 19 Pandemic.

  • සමුපකාර මුල්‍යායතනයක සමාජීය වගකීම හා පාරිභෝගික තෘප්තිය අතර ඇති සම්බන්ධතාවය, සීමාසහිත කිණිගොඩ කෝරළයේ සමුපකාර ඉඩම් උගස් බැංකුව ආශ්‍රිත සිද්ධි අධ්‍යනය

  • Financial inclusion on microfinance credits for poverty alleviation in Sri Lanka during the post-liberalization era. A desk exploration

  • The role of Co-operative Law in promoting environmental Sustainability in Sri Lanka: A Critical Review.

  • විවිධ සේවා සමුපකාර සමිති අකාර්යක්ෂමතාවයට තීරණ ගැනීමේ ක්‍රියාවලිය දක්වනු ලබන දායකත්වය පිළිබඳ අධ්‍යනය. (ඌව පලාත් විවිධ සේවා සමුපකාර සමිති ආශ්‍රයෙන්)

  • Food Security in Sri Lankan Consumer Cooperatives. An Explorative Review.

  • The Global Co-operative Movement in the Age of Automation and AI

  • A Study on the Revitalization of Indias, Cooperative Movement through the Initiatives of the Ministry of Cooperation