රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන හා පෞද්ගලික ආයතන මඟින් නිරන්තරයෙන් ග්‍රාමීය ප්‍රජාව සඳහා මෙම පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලබයි. එලෙසම, ග්‍රාමීය සමිති ඉලක්ක කර ගනිමින් ඉතා විශාල ප්‍රමාණයක පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වුවද ඒවා තුළින් ග්‍රාමීය සමිති නියෝජනය කරන ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ හා ප්‍රතිඵල සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකිද යන ගැටලුව ඇත. ග්‍රාමීය සමිති නියොජනය කරන සාමාජික සාමාජිකාවන් සඳහා ක්‍රියාත්මක වන පුහුණු වැඩසටහන් තුළ දක්නට ලැබෙන ගැටලු හඳුනා ගැනීම පිළිබඳ පර්යේෂණාත්මකව විග්‍රහයක් සිදු කිරීම මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ විය. මෙම පර්යේෂණය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ග්‍රාමීය සමුපකාර සමිති 10ක් අධ්‍යන නියැඳිය ලෙස සම්බන්ධ කර ගනිමින් ගුණාත්මක පර්යේෂණයක් සිදු කරන ලදී. ප්‍රාථමික දත්ත විශ්ලේෂණය කිරීම සඳහා සන්දර්භ විශ්ලේෂණය යොදා ගන්නා ලදී. දත්ත විශ්ලේෂණයෙන් අනාවරණය කරගත් කරුණු අනුව පුහුණු මොඩියුලයක් සැකසීමේදී පුහුණු රවුම (Training cycle) ආකෘතිය භාවිතා කර ඉගෙනීමේ පරමාර්ථ හඳුනා ගනිමින් පුහුණු මොඩියුලයක් සැලසුම් කර ගත යුතු වේ. තවදුරටත්, පුහුණු මොඩියුල සැකසීමේදී ද අදාළ ඉලක්ක කණ්ඩායමේ සහභාගීත්වය ද ලබා ගැනීම තුළින් ගැටලු අවම කර ගත හැකි වේ. ඊට අමතරව පසුවිපරම් වැඩසටහන් තුළින් ඉලක්ක කණ්ඩායම සඳහා ඇති වී තිබෙන බලපෑම පිළිබඳව ඇගයීම් කරමින් තොරතුරු හුවමාරු කර ගැනීම සිදු කළ යුතු වේ. එසේම, පුහුණු වැඩසටහන් සිදු කිරීම සඳහා පුහුණුකරුවන්ගේ සංචිතයක් නිර්මාණය කර ගැනීම ඉතාමත් වැදගත් වේ. පුහුණුකරුවන් සඳහා ද පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීම සිදු කළ යුතු වේ.
පුහුණු වැඩසටහන්, ග්‍රාමීය සමුපකාර සමිති, පුහුණුකරුවන්
අමරසේකර, ච. (2022). ග්‍රාමීය සමුපකාර සමිති නියයෝජනය කරන සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් සැලසුම් කිරීයම්දී හා ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු පිළිබඳ අධ්‍යනය. ශ්‍රි ලංකා සමුපකාර අධ්‍යන සඟරාව, 2(1), 76-85.