ජාතික සමූපකාර සංවර්ධන ආයතනය මඟින් 2022 වර්ෂයේ තම අධ්‍යයන කටයුතු ආරම්භකිරීම සනිටුහන් කරමින් ලේකම් පරිචය පිළිබද තෙදින පුහුණු වැඩසටහන 2022 ජනවාරි මස 19 වැනි දින ආයතනයේ දි ආරම්භ කල අතර එය 2022 ජනවාරි මස 21 දීන තෙක් පැවැත්වේ.. ප්‍රවීණ දේශන මඩුල්ලක් සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයක් ම නියෝජනය කරමින් විවිධ සේවා සමුපකාර සමිති වල ලේකම් තනතුර හොබවන ලේකම්වරුන් හා සමිති නිලධාරීන් මෙම වැඩමුළුවට සහභාගි විය. එහි ප්‍රථම දිනයේ සමාරම්භය ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ඉන්දික ඉලංගකෝන් මහතා, අධ්යක්ෂ (අධ්‍යයන හා සංවර්ධන) අජිත් අමරකීර්ති මහතා හා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරුන් පාඨමාලා සම්බන්ධීකාරක තුමිය ඇතුළු පිරිස වෙතින් ඉටු විය.