වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, උතුරු පළාත් ආණ්ඩුකාරතුමා සහ ආචාර්ය ශාන්ත ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නිෂ්පාදන සමූපකාර සමිති දහසක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ යටතේ උතුරු පළාත් වැඩසටහන කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 2025.06.12 දින පැවැත්වුණු අතර ඒ සඳහා ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ (අධ්‍යයන හා සංවර්ධන) ඇතුළු කාර්ය මණ්ඩලයෙන් නිලධාරී මහත්ම මහත්මීන් සහභාගි විය.